×

”ලිබ්‍රා” ෆේස්බුක් හදුන්වා දෙන නවතම මුදල් ඒකකය.

ලෝකය පුරා බිලියන ගණනින් ජනතාවට බැංකු ගිණුමක් නොතිබිය හැකියි… නමුත් ඔවුන්ට ජංගම දුරකථනයක් තිබෙනවා..


ෆේස්බුක් ආයතනය තවත් විවිධ අයුරේ සංවිධාන 27ක් හා සමගාමීව ඊයේ නවතම ඩිජිටල් මුදල් ඒකකයක් ලෝකයට හදුන්වා දෙනු ලැබීය. එය ”ලිබ්‍රා” Libraමුදල් එකකයයි. . ලාභ නොලබන සමාගමක් ලෙස ක්‍රියාත්මක වන LIBRA ASSOCIATION මගින් මෙම මුදල් ඒකකය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මේ පිළිබදව ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ LIBRA ASSOCIATION මගින් හදුන්වා දෙන මෙම මුදල් එකකයෙහි කාර්‍යභාරය වන්නේ ලෝකය පුරා විසිරී සිටින බිලියන ගණනක පුද්ගලයින් වෙනුවෙන් සරල ගෝලීය ආර්ථික හා මූල්‍යමය ව්‍යුහයක් නිර්මාණය කිරීම බවයි.

2020 වසරේ සිට දියත් කිරීමට නියමිත මෙම නවතම cryptocurrencyහෙවත් ඩිජිටල් මුදල් ඒකකය බ්ලොක්චේන් තාක්ෂණයෙන් බල ගැන්වෙන අතර ජංගම මුදලක් මගින් මිනිස් ජීවිතය පහසු කිරීම ලිබ්‍රා හදුන්වා දීමේ තවත් අරමුණක් වන බව සකර්බර්ග් සිය පණිවිඩයේ දක්වයි.

සෑම විටෙකම අතේ මුදල් රැගෙන යෑම අවශ්‍යය නැහැ.. අමතර මුදලක් වැය කළ යුතුත් නැහැ, සාම්ප්‍රදායික බැංකු කටයුතු සහ මූල්‍යමය කටයුතු සදහා ප්‍රවේශ වීමට අපහසු අයට මෙම මුදල් ඒකකය ඉතා වැදගත් වේවි. ලෝකය පුරා බිලියන ගණනින් ජනතාවට බැංකු ගිණුමක් නොතිබිය හැකියි… නමුත් ඔවුන්ට ජංගම දුරකථනයක් තිබෙනවා.. අප හදුන්වා දෙන මුදල් ඒකකය තුළින් සියල්ලන්ටම මුදල් යැවීමට මෙන්ම ලබා ගැනීඹටත් පහසු වෙනවා.

නවතම ලිබ්‍රා ඩිජිටල් මුදල් ඒකකය ගැන සකර්බර්ග් ගේ අදහස වූයේ එයයි.
ලිබ්‍රා මුදල් ඒකකයේ සංඛේතය වී ඇත්තේ නව්‍යකරණය, සාධාරණත්වය සහ නායකත්වය හා බැදුන ජ්‍යෝතීර්වේදයේ එන සංඛේතයකි.

නමුත් මේ පිළිබදව තොරතුරු අනාවරණය වීමත් සමග cryptocurrency වර්ගයේ මෙම මුදල් ඒකකය පිළිබදව ජාත්‍යන්තර වශයෙන් විවේචන රැසක් එල්ල විය.

ඇතැමුන්ගේ විවේචන එල් වී ඇත්තේ ෆේස්බුක් ආයතනය විසින් මෙම මුදල් ඒකකයට තබා ඇති නම හේතුවෙනි. ය වගකීම් සහිත නමක් සහ සංඛේතයක් බව ඇතැමුන්ගේ මතයයි.
තවත් පිරිසක් විවේචන එල් කරන්නේ ෆේස්බුක් මුල්වී ලෝකය විනාශ කිරීමට සුදානම් බවයි. ඔවුන්ට අනුව ලිබ්‍රා හේතුවෙන් ගනු දෙනු කරුවන්ගේ අනන්‍යතාව අහිමි වනු ඇත‍

මේ කුමන අයුරේ විවේචන පැවතියද ලිබ්‍රා හේතුවෙන් මිනිසුන්ගේ මූල්‍යමය කටයුතු පහසු වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි