×

මේ ගෝලීය සාඵල්‍යතා අනුපාතය අඩුවීම ගැන සතුටු විය යුතු කාලයකි.

නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ලෝකයේ කාන්තා සාඵල්‍යතා අනුපාතය 2.4 දක්වා පහත වැටී ඇති අතර නයිජීරියාව වැනි වැනි ඇතැම් රටවල සාඵල්‍යතා අනුපාතය 7 දක්වා ඉහළ මට්ටමක පවතී.


සාඵල්‍යතා අනුපාතය අඩුවීම පිළිබඳ සතුටු වීමට කාලය පැමැණ ඇති බව ජාත්‍යන්තර විශේෂඥයින් පෙන්වා දෙයි.

නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ලෝකයේ කාන්තා සාඵල්‍යතා අනුපාතය 2.4 දක්වා පහත වැටී ඇති අතර නයිජීරියාව වැනි වැනි ඇතැම් රටවල සාඵල්‍යතා අනුපාතය 7 දක්වා ඉහළ මට්ටමක පවතී. නමුත් එංගලන්තය, රැසියාව සහ ජපානයේ සාඵල්‍යතා අනුපාතය පවතින්නේ සාමාණ්‍ය මට්ටම එනම් 2. 4ටත් වඩා අඩු මට්ටමකය. මෙම තත්ත්වය ඇතැම් රටවල ජන සංඛ්‍යාව අඩු වීමට හේතු වී ඇත. නමුත් ජනසංඛ්‍යාව වෙනස් වීම පිළබඳ විශේෂඥ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සාරා හාෆර් පවසන්නේ කිසිම රටක් සිය රටේ ජනගහනය අඩු වීම සම්බන්ධව හෝ ඊට බලපාන හේතූන් සම්බන්ධව කණගාටු නොවිය යුත් බවයි.

ඇය පෙන්වා දෙන්නේ කෘතිම බුද්ධිය, සංක්‍රමණ සහ සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි ජනගහනය යනා දී සාධක හේතුවෙන් තවදුරටත් ජනගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ යුතු නැති බවයි.

එපමණක් නොව ජනහණය වැඩි වීම අපේක්ෂා නොකළ යුතු තවත් සාධකයක් වන්නේ පරිසරය ආරක්ෂා කාරීමට එයද හේතුවක් වීම නිසා බවද ඇය පෙන්වා දෙන්නීය.

නමුත් මේ මෙහෝත වන විටද සමහර රටවල් ජනගහණය අධික වීමෙන් පීඩා විඳින අතර තවත් සමහර රටවල් ජනගහනය වර්ධනය අඩු වීම පිළිබඳව කණගාටු වෙමින් සිටී.
දකුණු කොරියාව විසින් පමණක් සිය ජනගහණය වර්ධනය කිරීඹ සඳහා ජනතාව දැනුවත් කිරීමට 2006 සහ 2018 අතර දක්වා කාලය තුළ පවුම් බිලියන 106ක් වැය කර ඇති අතර ඉතාලිය විසින් ජනගහනය වර්ධනය සඳහා ජනතාව අවධි කිරීමට පල ක‍ළ පෝස්ටරයක සඳහන් කර තිබුණේ .. ”ඔබේ සුන්දරත්වය ඔබේ වයස නොදනී නමුත් ඔබේ සාඵල්‍යතාව ඔබේ වයස දනී ” ලෙසයි..එමෙන්ම මෙතෙක් ජනගහනය පාලනය කිරීමට එක් පවුලකට එක් දරුවෙක් සංකල්පය ප්‍රවර්දනය කළ චීනය මේ වන විට එක් පවුලකට දරුවන් තුන් දෙනෙක් යන සංකල්පය හඳුන්වා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි