×

රිචඩ් බ්‍රැන්සන් උඩු ගුවනට යන බව ‘The Simpsons’ 2014 දීම කියලා!

ලෝක ප්‍රකට 'The Simpsons' කාටුන් කතාමාලාව තුළ අනාගතයේදී සිදුවන බොහෝ දෑ කලින්ම කියැවෙන බවට සාක්ෂි බොහෝ ය.


වෙනකක් තබා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අන්තවාදී අදහස් ඇති නායකයෙකු ඇමරිකාවට ලැබෙන බව ද ඔවුන් කලින් කියා තිබිණි. දැන්, ඔවුන් කියූ තවත් අනාවැකියක් සත්‍ය වී තිබේ. ඒ, රිචඩ් බ්‍රැන්සන් උඩු ගුවනට යන බව ය.

මෙයට සති දෙකකට පමණ පෙර, සුප්‍රකට වර්ජින් ගැලැක්ටික් සමාගමේ හිමිකරු සහ කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන්, සිය කාර්ය මණ්ඩලයත් සමග තමන්ගේම යානයක නැගී අභ්‍යවකාශයට ගියේය. එසේ ගියා පමණක් නොව, ඔහු එහි සිට පෘථිවිය දෙස බලමින්, ‘‘මේක මං පුංචි කාලෙ දැක්ක හීනයක්‘‘ යැයි ද කීවේය.

 

 

කෙසේ නමුත් බ්‍රැන්සන්, අභ්‍යවකාශ යානයක පාවෙමින් සිටීමට නියමිත බව කීවේ ‘The Simpsons’ලා ය. ඒ, බ්‍රැන්සන්ගේ ඇනිමේටඩ් වර්ෂන් එකක් එසේ පාවෙමින් සිටින බව කතාංගයට ඇතුළත් කිරීම මගිනි. බ්‍රැන්සන් ඒ අනුව මුලින්ම අභ්‍යවකාශයට ගියේ 2004 වසරේ නිකුත් වූ “The War of Art” කතා මාලාවේ 25 වැනි අදියරේ 15 වැනි එපිසෝඩයෙනි.

ඇත්තම කතාව නම්, තමන්ට කෙදිනක හෝ අජටාකාශයට යාමට අවශ්‍ය බව මෙම එපිසෝඩය නිකුත් වීමට පෙර බ්‍රැන්සන් කියා තිබේ. ඔහු, සංචාරකයන් උඩු ගුවනට ගෙන යාමට තමන් අදහස් කරන බව කීවේ 2004 වසරේදී ය. ඒ අනුව මෙය නම්, ‘නොත්‍රදාමුස්‘ වර්ගයේ අනාවැකියක් නොවේ.

නමුත් ‘The Simpsons’ රසිකයන් පසුබසින්නට සූදානම් නැත. ‘‘කොහොම වුණත් ‘The Simpsons’ලා අනාගතය කලින් දකිනවා‘‘ යැයි කියමින් ඔවුහු ට්වීට් කරන්නට පටන් ගත්හ.

මේ අනුව 19 වතාවකට නොඅඩු වාරයක් ‘The Simpsons’ නිර්මාණකරුවන් විසින් අනාගතය කලින් දැක තිබෙන බව කියැවේ. රිචඩ් බ්‍රැන්සන් සිද්ධිය දුර්වල එකක් වුණත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව ‘The Simpsons’ලා කියා තිබුණේ එයට අවුරුදු 19 කට පෙර ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි