×

ඇමසන් හී සුපර් විලන් ”ජෙයර් බොල්සොනාරෝ”

බ්‍රසීල මැතිවරණයේ පළමු අදියරේ සිය ජය තහවුරු වීමෙන් පසු ඔහු ජනතාව ඉදිරියේ තෝරා ගැනීම් දෙකක් තැබීය. ඔහු පැවසුවේ ඔබට තෝරා ගැනීමට මාර්ග දෙකක් තිබෙනවා. එකක් තෝරා ගන්න. '' එක් මාවතක් තමයි දෙවියන්ගේ කැමැත්ත, සෞභාග්‍ය සහ නිදහස.. දෙවන මාවත වන්නේ වෙනිසියුලාව ගිය මාවත‍


දේශගුණික විපර්යාස ගැන ලෝකයම කථාකරමින් සිටින අවස්ථාවක ලෝකයට ඇති විශාලතම වනාන්තරය බ්‍රසීලයේ ජනපතිවරයා විසින් කෘර ලෙස විනාශ කර දැමීම මුළු මහත් ලෝකය ඉදිරියේම ඇති දරුණුතම ඛේදවාචකයයි. එය ත්‍රස්තවාදයට වඩා දරුණු එකකි.

සෑම මිනිත්තුවකදීම ඇමසන් වනාන්තරයට පාපන්දු පිටියකට හා සමාන භූමි ප්‍රමාණයක් අහිමිවෙමින් පවතින බව ඔබ දන්නවාද. නවතම චන්ද්‍රිකා ඡායාරූප පවසන පරිදි ඇමසන් වනය එතරම් සීග්‍රයෙන් හෙළි පෙහෙළි වෙමින් පවතී. ඒ මගින් සිදු කරන ලද පර්යේෂණ නුව ඇමසන් වනාන්තරය අවශෝෂණය කරනු ලැබූ කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය 1980 සහ 2010 අතර කාලය තුළ ඇමසන් භූමිය විසිරී පවතින රාජ්‍ය්‍යන් නවයෙන් නිකුත් කරන ලද පොසිල ඉන්ධන විමෝචනය හා සමානය.

නමුත් දින 31 ඇතුලත ඇමසන් වනයට අහිමි වූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 739කි. එය සිදු කෙරෙන්නේ බ්‍රසීලයේ නව ජනපති බොල්සොනාරෝගේ අනුදැනුමින් වීම ඉතා ඛේදනීය වේ.

ජායි බොල්සොනාරෝ බ්‍රසීලයේ ජනපති බවට පත් වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේදීය. ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළම ඔහු දැඩි සේ කියා සිටියේ රට දියුණූ කරන්නටනම් වනාන්තර භූමිය වගා භූමියක් කළ යුතු බවයි.

ඇමසන් යනු ලොව විශාලතම වැසි වන්නාතරය වන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් බ්‍රසීලය සතු වන්නේය.

බොල්සොනාරෝ ජනපති ධූරය භාර ගැනීමට පෙර ඇමසන් රැක ගැනීම සදහා හැකි තාක් නීති පනවා තිබුණි . මීට පෙර පැවති රාජාණ්ඩු සහ රාජ්‍ය ආයතන විසින් වනාන්තර ගස් කැපීමට එරෙහිව, මෙන්ම වනාන්තරයට අයත් භූමියේ වගා කටයුතු කිරීම පිළිබදව නීති රීති පනවා තිබුණු අතර ඒ පිළිබදව රාජ්‍ය ආයතන වලට දේශපාලන ඇගිලි ගැසීම් තිබුණේ අඩු වශයෙනි. නමුත් බොල්සොනාරෝගේ රජය වනාන්තර විනාශ කරන්නන්ට එරෙහි ව තිබූ දඩ ගැසීමේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබීය. එතෙකින් නොනැවතී වනාන්තරය ආරක්ෂ කිරීම සදහා වන නිළධාරීන්ට දැඩි සීමවන් පනවනු ලැබීය . වන ආරක්ෂක නිළධාරීන්ට ඇමසන් සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශක තහනම් විය.

ඊට එරෙහි වූවන්ට රැකියාවෙන් පහ කිරීමට තරම් බොල්සොනාරෝ කෘර වී ඇත. ඒ අනුව රැකියාව අහිමි වුණ විද්‍යාඥ රිකාඩෝ ගල්වානෝ පස්ගියදා ද ගාඩියන් පුවත් පතට ඇමසන් විනාශයට බොල්සොනාරෝගේ මැදිහත්වීම පිළිබදව පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

  • ඇමසන් මිතුරෝ …බොල්සොනාරෝගේ සතුරෝ

බොල්සොනාරෝ ඇමසන් බිල්ලට ගන්නේ බලයට ඒමටත් පෙර සිටමය . රටේ සංවර්ධනය , බ්‍රසීලයේ අන්තර්ජාතික ප්‍රතිරූපය, රැකියා උත්පාදනය, මෙකී නොකී සෑම ක්ෂේත්‍රයක් තුළම බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය අවසානයේ නවතින්නේ ඇමසන් වනයෙනි.

මෙතෙක් ඇමසන් පිළිබදව සොයා බැලූ, ඒ ආශ්‍රිතව කටයුතු කළ රාජ්‍ය නොව සංවිධාන වල නිරීක්ෂණය ඇමසන් කෙරෙන් ඉවත් කිරීම බොල්සොනාරෝගේ ක්‍රියාකලාපයේ ප්‍රථම පියවරයක් විය. ඉන් ඔහු බලාපොරොත්තු වූයේ හිතේ හැටියට ගස් කොළන් කපා ඇමසන් භූමියේ තමන්ගේ නැටුම් නටන්නට සුදුසු ලෙස නිර්මාණය කිරීමටය.

බ්‍රසීලය ආශ්‍රිත ඇමසන් භූමියේ ජීවත් වන ආදිවාසීන්ගේ ගණන දසලක්ෂයකට අධිකය. වනාන්තරයට නොරිද්දා සාම්ප්‍රදායික දිවිපෙවතක් ගත කළ මේ ආදිවාසීන් බොල්සොනාරෝගේ තවත් සතුරන් පිරිසකි. බොල්සොනාරෝ සහ ඔහුගේ අමාත්‍යමණ්ඩලය මේ මොහාත වන විටත් බ්‍රසීලයේ ඇමසන් ආදිවාසීන්ට උරුම කර ඇත්තේ වේදනාත්මත දිවි පෙවතකි. මේ වන විට රජයෙන් ආදි වාසීන්ට ලබා දී තිබූ බොහා්මයක් පහසුකම් ජනපතිවරයාගේ අනුබලය යටතේ කපා හැරීමට කටයුතු කර ඇත. ඒ ආදිවාසීන් තම වාස භූමි අහිමි නොකරන ලෙස ඉල්ලා රජයට බල කිරීම බොල්සොනාරෝට කරච්චලයක් වූ බැවිනි.

වන සංරක්ෂක ආයතන සහ රජයේ සංරක්ෂණ නිළධාරීන්ද බොල්සොනාරෝගේ විරුද්ධවාදීන් අතරේ වේ. නිවර්ථන කලාපයේ ට්‍රම්ප්ලෙස ලෝකය විසින් හදුන්වන බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය ට්‍රම්ප්ට දෙවෙනි නැත. ඇමසන් වනාන්තරය තුළ සිදුවන හානිය පිළිබදව කිසි සේත් ලෝකයා දැන ගත යුතු නැතැයි සිතන අතරේ තමන්ට විරුද්ධ වන සියල්ලන්ට විරුද්ධව පියවර ගැනීමට බොල්සොනාරෝ නොපසුබට වී ඇත. කිසිදු රජයේ නිළධාරියෙකුට ඇමසන් ගැන මාධ්‍ය සාකච්ඡා හෝ නිවේදන තහනම්ය.

පසුගියදා ඇමසන් විනාශය පිළිබදව නිර්නාමිකව රහසේ බී බී සී සේවය වෙත අදහස් දක්වා තිබූ ජ්‍යේෂ්ඨ පාරිසරික නිළධාරියෙකු පවසා සිටියේ ජනපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ලෝකයටම ඉතාමත් අහිතකර බවයි. ඔහුට අනුව සාමාන්‍යයෙන් විනාඩියක් තුළ ඇමසන් වනාන්තරය හෙක්ටයාරයක් පමණ හෙළි පෙහෙළි කෙරෙයි. ඔහුට අනුව මෙසේ ගස් කපා දැමීමට හේතුව වන්නේ ගව පාලනය හා තණ බිම් නාර්මාණය කිරීමයි. මෙතෙක් වැසි වනාන්තර ලෙස තිබූ පෙදෙස් බොහොමයක මේ වන විට දැක ගත හැක්කේ ගව පට්ටීන්ය‍

වනාන්තරය ආරක්ෂා කිරීමට රජයෙන් පත් කර සිටින නිළධාරීන් විසින් වනාන්තර ආරක්ෂා කිරීමට හදුන්වා දී ඇති නීති රීති බොල්සොනාරෝට අනුව රටේ සංවර්ධනය එරෙහි නීති රීතිය. ඔහු සෑම විටකම උත්සහ දරන්නේ ඒවා දුර්වල කිරීමටය.

බොල්සොනාරෝ ගේ පිටුපස සිටින ඔහුගේ අනුගාමිකයන්ද ඔහුට දෙවෙනි නැත . පසුගියදා බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත අදහස් දැක්වූ බොල්සොනාරෝගේ ආරක්ෂක උපදේශක ජනරාල් ඔගස්ටෝ පෙරේයිරා පැවසුවේ ඇමසන් වනාන්තරය ලෝක උරුමයක් සේ සැළකීම විකාරයක් බවයි. ඔහුට අනුය ඇමසන් යනු බ්‍රසීලයට අයත් උරුමයක් වන අතර එකී උරුමයෙන් බ්‍රසීලය ලාභ ලැබිය යුතුය.

එමෙන්ම බීබීසී සේවය සමග සම්මුඛ සාකච්ඡාවක නියැළුන බ්‍රසීලයේ පරිසර අමාත්‍යවරයා රිකාඩෝ සාලේස් පවසා සිටියේ වන සංරක්ෂණය වෙනුවෙන් ඉඩම් හිමියන්ට තෑගි ලබා දිය යුතු බවත් ඒ සදහා වියදම සංවර්ධිත රාජ්‍ය්‍යන් විසින් දැරිය යුතු බවත්ය.

  • රිකාඩෝ ගල්වානෝ ට රැකියාව අහිමි වීම සහ බොල්සොනාරෝගේ කෘරත්වය.

රිකාඩෝ ගල්වානෝ බොල්සොනාරෝගේ වන විනාශයේ තවත් එක් ගොදුරකි. ඔහුව පසුගියදා සිය සේවයෙන් පහ කරනු ලැබුවේ ඇමසන් වෙනුවෙන් කථා කිරීමට ගොසිනි. ඔහු බොල්සොනාරෝගේ අනුදැනුමින් සිදුවන වන වානාශය පිළිබදව මුල සිට අගට හොදින් දැන සිටි අයෙකි.

බ්‍රසීලයේ ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය INPE) විසින් පසුගියදා අනාවරණය කරන ලද්දේ ඇමසන් වනාන්තරය ඉතා වේගයෙන් විනාශ මුඛයට ඇදවැටෙමින් පවතින බවයි. මේ පිළිබදව කරුණු කාරණා හෙළි කිරීම සදහා මූලිකත්වය ගත් ලෝක ප්‍රකට විද්‍යාඥයෙක් වන රිකාඩෝ ගල්වානෝ මෙම අයාතනය හා එක්ව බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය විවේචනය කරනු ලැබූහ නමුත් ඒ විවේචනයන්ගේ කෙළවර වූයේ පනසුගිය සිකුරාදා ගල්වානෝට සේවය අහිමි කිරීමයි. බ්‍රසීලයේ ග්‍රීන් පීස් සංවිධානය මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ සත්‍ය ප්‍රකාශ කිරීමට එරෙහිව ඔහුට සේවය අහිමි කිරීම අසාධාරණ බවයි.

නමත් බොල්සොනාරෝ හ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පවසන්නේ ඔවුන් පිළිබදව මෙවැනි තොරතුරු ප්‍රචාරයෙන් රිකඩෝ ගල්වානෝ විසින් බ්‍රසීලය ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක් කිරීමට උත්සහා ගන්නා බවයි. කෙසේ හෝ වේවා ඇමසන් වනයට එරෙහිව බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය විවේචනය කරන කවුරුන් වේවා අනුකම්පා විරහිත ලෙස මර්ධනය කරන්නට දැන් බොල්සොනරෝ කටයුතු කරමින් සිටී,

උග්‍ර දක්ෂිණාංශික දේශපාලකයෙකු ලෙස බොල්සොනාරෝ බ්‍රසීලයේ පාලකයා වන්නේ දකුණු ඇමරිකාවේ විශාලතම ආර්ථිකය හිමි බ්‍රසීලය තුල දූෂණ වංචා අධික වෙමින් පවතින බව සහ ප්‍රදණ්ඩත්වය ඉහළ යමින් පවතින බවට කම්කරු පක්ෂයට චෝදනා කරමිනි.

බ්‍රසීල මැතිවරණයේ පළමු අදියරේ සිය ජය තහවුරු වීමෙන් පසු ඔහු ජනතාව ඉදිරියේ තෝරා ගැනීම් දෙකක් තැබීය. ඔහු පැවසුවේ ඔබට තෝරා ගැනීමට මාර්ග දෙකක් තිබෙනවා. එකක් තෝරා ගන්න. ” එක් මාවතක් තමයි දෙවියන්ගේ කැමැත්ත, සෞභාග්‍ය සහ නිදහස.. දෙවන මාවත වන්නේ වෙනිසියුලාව ගිය මාවත‍

බොල්සොනාරෝ ජනතාව රවටා ගත්තේ එවැනි කථා කියමිනි. නමුත් බොල්සොනාරෝගේ වත්මන් ක්‍රියාකලාපය ඔහු කී ලෙසින් දෙවියන් ගේ කැමැත්ත සහ සෞභාග්‍යයම ද.

ඔහුගේ මෙම වන විනාශය අනුමත කරමින් ගොවීන් සහ ඇතැම් පිරිස් ඔහුට උඩ ගෙඩි දෙමින් සිටී. ඒ තාවතාලිකව ඔවුන්ට ලැබෙන වාසි වලින් මුසපත් වෙමිනි. නමුත් ඔවුන් හෙට සිදු වන දේ ගැනනම් දන්නා බවත්ක් සිතා ගත නොහැකිය.

මන්ද ඇමසන් යනු සිය සීමාවේ හෝ ආශ්‍රිතව පිහිටි රාජ්‍යයන් නවය විසින් පරිසරයට මුදා හල පොසිලි ඉන්ධන විමෝචනයට සමානව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කර ගනු ලැබූ උත්තරීතර ආරක්ෂකයා ය.

  • බොල්සොනාරෝ ද පොදු සතුරෙකි

පෘථිවියේ ජෛව විවිධත්වයෙන් සශ්‍රීකම කලාපය මෙය වෙයි. එවැනි සම්පතක විනාශ කිරීමට අනුබල දෙන්නා හෝ එසේ කරන්නා ඉදුරාම හෝද මිනිසෙකුනම් නොවන්නේය‍. ඒ අනුව බලන කල බොල්සොනාරෝ යනු සැබවින්ම සාමාන්‍ය මිනිසෙකු නොව යක්ෂ ගති ඇත්තෙකි. ඔහුගේ මුහුණ දෙස බැලූ විට එය සැබෑවක් බව පෙනී යන්නට කරුණු කිහිපයක් වෙයි.

බොල්සොනාරෝගේ මුහුණ දුටු පමණින් අපට මතක් වෙන්නේ Injustice: Gods Among Us කථා මාලාවේ දී මෙන්ම   බටහිර සිනමාවේ ද සුප්‍රසිද්ධ  සුපර් විලන් එහෙමත් නැත්නම් දුෂ්ඨයා ”ජෝකර් ” ය ඔහු සමාජයේ යහපත ඉවත් කරනවා පමණක් නොව යහපත වෙනුවෙන් සටන් කරන මිනිසුන්වද විනාශ කරන්නේය. ඒ අනුව බොල්සොනාරෝ පෙනුමෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ජෝකර්ට සමානය.

නිවර්ථන කලාපයේ ට්‍රම්ප් යන නම ලෝකය ඔහුට තබා තිබීමේ පුදුමයක්ද නැත ට්‍රම්ප් යනු පරිසරයට සත පහක ආදරයක් නැති හිතුමතේ තීරණ ගන්නා පාලකයෙකි. බොල්සොනාරෝගේ ක්‍රියාකලාපයේද වෙනසක් නැත ට්‍රම්ප් වරෙක පවසන්නේ දේශ ගුණික විපර්යාස යනු මිත්‍යාවක් බවයි. නමුත් මේ මොහෙත වන විටද ඇමරිකානු ජනයා දේශ ගුණික විපර්යාස හේතුවෙන් විදවමින් සිටී, බොල්සොනාරෝගේ අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා විටෙක දේශ ගුණික විපර්යාස ගැන පවසන්නේ දේශ  ගුණික විපර්යාස යනු මාක්ස් වාදීන් විසින් සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙනා උපායක් ලෙසය.

ඇස්පනාපිට පෙනෙන්නට තිබෙන ලෝකය මේ වන විට මුහුණ දෙමින් තිබෙන පාරිසරික කඩා වැටීම සහ දරුණු ඛේදවාචකය පිළිබදව මෙවැනි අදහස් පළ කිරීම තුළ ඉදුරාම පැහැදිලි වන්නේ බ්‍රසීල ජනපතිවරයාගේ සහ ඔහුගේ අනුගාමිකයන් කෙතරම් ආත්මාර්ථකාමීන්ද යන්නයි. ඇමසන් යනු සැබවින්ම තමන්ගේ බූදලයක් කියා සිතමින් කටයුතු කරන බොල්සොනාරෝලා ශ්‍රි ලංකාවේදීද දැක ගත හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි