×

පරිසරය සං‍රක්ෂණය කරන සුදු ගොවීන්ට රජයේ විශේෂ සහනාධාර

යුරෝපා සංගමයට අයත් රටවල පරිසරය ආරක්ෂා කිරීම, ගම්බද ප්‍රදේශවලට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සත්ව සුභසාධනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ට ත්‍යාග පිරිනැමේ.


යුරෝපා සංගමයට අයත් රටවල කෘෂිකාර්මික පනත් කෙටුම්පතේ දක්වා ඇති යෝජනා යටතේ පරිසරය ආරක්ෂා කිරීම, ගම්බද ප්‍රදේශවලට ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සත්ව සුභසාධනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ට විශේෂ සහනාධාර පිරිනැමේ.

වර්තමානයේ බ්‍රිතාන්‍ය ගොවීන් යුරෝපා සංගමයේ පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්තිය (CAP) යටතේ සහනාධාර වශයෙන් වසරකට ඩොලර් බිලියන 3.4 ක් පමණ ලබා ගන්නා අතර ගොවිපොළ විශාලත්වය අනුව ප්‍රධාන වශයෙන් මුදල් බෙදා හරිනු ලැබේ. බ්‍රෙක්සිට් රජයෙන් පසු CAP වෙනුවට ආදේශ කරන නව පනතට වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව සඳහා එකම මට්ටමේ අරමුදල් පවත්වාගෙන යන බවට එරට රජය පොරොන්දු වී ඇත.

එහෙත් සහනාධාර ලබාගැනීම සදහා එම ගොවීන් ගොඩබිම, ජලය සහ වාතය ආරක්ෂා කිරීම, සශ්‍රීක ශාක වගාව හා වන ජීවීන්ගේ පැවැත්මට සහාය වීම, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, සුන්දර භූ දර්ශන නඩත්තු කිරීම, මහජන ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සත්ව සෞඛ්‍යය හා සුභසාධනය ඉහළ නැංවීම වනි කරුණූ කෙරෙහි අවධානය යොමු කරතිබිය යුතුය.

ආහාර නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කෙරෙන අතර ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳව නිතිපතා වාර්තා කරන ලෙස මෙම පනත මගින් රජය විසින් නියම කර ඇත. ගොවීන්ට හැඩගැසීමට උපකාරී වන පරිදි 2021 සිට 2027 අවසානය දක්වා වසර හතකට වැඩි කාලයක් තුළ පනතේ දක්වා ඇති වෙනස්කම් ගෙන එනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි