×

ඇමරිකානු FDA ආයතනය විසින් අනුමත කළ ඉබෝලා එන්නත ලොවට හඳුන්වා දෙයි

මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා යනු ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරන ලදී.


ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින් ලොව පළමු වරට මර්ක් ඇන්ඩ් කෝ සමාගම විසින් නිශ්පාදිත ඉබෝලා වෛරස ප්‍රතිරෝධී එන්නත අනුමත කොට තිබේ.

ඉබෝලා වෛරසයට එරෙහිව නිපදවූ ප්‍රතිජීවක ඖෂධය FDA ආයතනය විසින් අනුමත කළ පළමු අවස්ථාව මෙය වෙයි.

මෙම එන්නත 2014 – 2016 අතර කාලවකවානු වලදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක් අතර ඉබෝලා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා යොදා ගෙන තිබිණි. නමුත් ඒ වන විට එම එන්නත පැවතියේ පර්යේෂණ මට්ටමේ ය. එබැවින් මෙම ඖෂධය යොදා ගෙන තිබෙන්නේ පරීක්ෂණ එන්නතක් වශයෙනි.

ඉබෝලා වෛරසය ආසාදනය වන්නන් හට රක්තපාත මට්ටමේ උණ හට ගැනීම සුලභ අතර වෛරසය දේහ තරල ඔස්සේ සෘජුව සම්ප්‍රේශණය වන බවට සොයා ගෙන තිබේ. මෙම වර්ෂයේ මැද භාගයේ පමණක් කොංගෝ වේ පුද්ගලයින් 2100 ට වැඩි සංඛ්‍යාවක් ඉබෝලා ආසාදනය වීම නිසා මරණයට පත්ව තිබේ. ඉබෝලා යනු ලොව දෙවන විශාලතම වසංගත තත්ත්වය බවට හඳුනා ගෙන තිබේ.

මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා යනු ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි