×

ඊශ්‍රායලය අද සිට යුදෙව්වන්ගේ පමණයි…

ඊශ්‍රායලය ''යුදෙවු '' රාජ්‍යයක් ලෙසට පනතක් සම්මත වේ


ඊශ්‍රායලයේ දේශපාලන පසුබිම පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් තිබියදී අද ඊශ්‍රායලය ”යුදෙවු ” රාජ්‍යයක් ලෙසට නීතියක් සම්මත කෙරුනේ  එරට ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. එ අනුව යුදෙවු ජාතීන්ට එරට ස්වයංනිර්ණය අයිතිය හිමි වූ අතර එරට සුළුතරයේ ප්‍රජාතාන්ත්‍රික අයිතියට එය බලවත් පහරක් විය .

පාර්ලිමේන්තු ක්‍රමය හා සර්වජන ඡන්ද ක්‍රමය ද ඇතුලත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඊශ්‍රායලය සංවර්ධිත රටක් වූ ඊශ්‍රායලයේ . අග්‍රාමාත්‍යවරයා රජයේ නායකයා වන අතර ‘නෙසට්’ ( Knesset) නම් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඊශ්‍රායල‍යේ ව්‍යවස්ථාදායකය වෙයි. මෙම නීතිය සම්මත කිරී‍මෙහි ලා 62-55ක වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට පාලක පක්ෂයට හැකි විය. ඒ එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් 120 දෙනා අතර මසකට ආසන්න කාලයක් තිස්සේ පැවති විවාදයට පසුවයි.

යුදෙවුවන්ට රටේ ස්වයංනිර්ණය අයිතිය හිමිතළ මෙම ”ජාතික රාජ්‍ය” නීතිය පසුපස සිටින්නේ එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු දක්ෂිණාංශික පාර්ශවයන්ය.

නීතිය සම්මත කිරීමත් සමග පාර්ලිමේන්තුව ඇමතූ නෙතන්යාහු පැවසූවේ මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් බවත් යුදෙවු ධර්මය Zionism සහ ඊශ්‍රායලයේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවයි.

නෙතන්යාහු තවදුරටත් පවසන්නේ ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩනැගී 70 වසරක් ගත වෙමින් තිබියදී මෙවැනි නීතියක් සම්මත කාර ගැනීමට හැකිවීම ඊශ්‍රායලය යුදෙවුවන්ගේ ඓතිහාසික නිජබිම බවයි. ඒ නිසාම ඔවුන්ට තමන්ගේ ජාතිය සහ රාජ්‍ය කෙරෙහි පරම අයිතියක් ඇති බවද ඔහු පැවසීය.

මෙතෙක් එරට නිළ භාෂාව ලෙස පැවති අරාබි බස ඉන් ඉවත් කළ අතර ඒ වෙනුවට හීබෲ බස නිළ භාෂාව ලෙස නම් කරන ලදී.

ඊශායලය තුළ අරාබි ජාතිකයන් මිලියන 1.8ක් ජීවත් වන අතර එය එරට මිලියන 9ක් වූ සමස්ථ ජනගහණයෙන් 20%කි.

මෙම නීතිය සම්බන්ධව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අරාබි ජාතිකයන් නියෝජනය කළ සාමාජිකයින් මේ සම්බන්ධව සිය විරෝධය දැඩි ලෙස ප්‍රකාශ කළහ. මාධ්‍ය අමතමින් ව්‍යවස්ථාදායක නියෝජිත අහමඩ් ටයිබි පවසන්නේ මෙය ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක මරණය ලෙසයි. ඒ පිළිබඳව ඔහු සිය සංවේගය පළ කළේය.

තවත් අයගේ මතය වූයේ ඊශ්‍රායලයේ මෙම තීරණය වර්ණ භේදවාදයට මෙන්ම ජාතිවාදී ගැටුමක මූලාරම්භයක් වනු ඇති බවයි.

සමානාත්මතාවයේ සහ ප්‍රජාතාන්තවාදය ගැන අල්පමාත්‍රයකදු නොසිතා ඊශ්‍රායලය ගත් මෙම තීරණය එරට සුළුතරයේ අයිතීන් එහෙම පිටින්ම පසෙකට දමන ලදී.

1948 වසරේ නිකුත් කළ ඊශායල් නිදහස් ප්‍රකාශනයේ එරට සුළුතරයේ අයිතිය පොදුවේ දේශපාලන , සමාජ,ආගමික, ජාතික, සහ ලිංගිකත්වය සම්බන්ධව වෙනස්කමකට භාජනය නොවී සිටීමේ අයිතිය මෙන්ම හෘදසාක්ෂියේ , භාෂාවේ සහ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන ලදී.

නව නීතිය මඟින් ඊශ්‍රායලය මේ සියල්ල අර්ථ විරහිත බවට පත්කරන ලදී.

සුළුතරය සහ ගැටුම් වල ඉතිහාසය

අරාබි ජාතීන්ට අමතරව මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, සහ ඩෲස් (Druze) අදී ජාතීන් කිහිපයක්ම ඊශ්‍රයලයේ සුළුතරය සමන්විත වෙයි. ඊශ්‍රායලය යුදෙවු ජාතියක් ලෙස ස්ථාපිත කිරීමේ ඔවුන්ගේ සටන පටන් ගත්තේ අද ඊයේක නොව ඉතිහාසයේ සිටයි.

බයිබලයේ සඳහන් යැයි පැවසෙන ඊශ්‍රායල් භූමිය(Biblical Land of Isreal) ඔවුන්ගේ ආගමික සහ රාජ්‍යයේ ප්‍රභවය ලෙස සඳහන්වේ.

යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන්අද දක්වා ඉතිහාසය ගැටුම් පිරුණ  සන්ධිස්තාන රැසකි. 1947 වසරේ දී එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් යුදෙවු රාජ්‍යයක් ,ආරබිරාජ්‍ය්‍යක් බිහිකිරීම සහ අද ඊශ්‍රායල අගනුවර වන ජෙරුසෙලම සම්බන්ධව තීරණයක් ගැනීම සිදු කරන ලදී.

එක්සත් ජාතීන්ගේ තීරණය කෙරේ යුදෙව් ජන නායකයින් ගේ කැමැත්ත තිබුණද අරාබි නායකයන් ප්‍රතික්ෂේප කරන ලදී ඒ හේතුවෙන් අරාබිය සහ ඊශ්‍රායලය අතර අර්බුද ඔඩු දුවන්නට විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඒත් සමඟිනි. නමුත් ඊට ප්‍රතිචාර ලෙස අරාබි රාජ්‍යයන් එක්ව ඊශ්‍රායලයට විරුද්ධව සටන් කරන ලදී. ඊශ්‍රායලය සහ අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අඛණ්ඩ යුද ගණනාවක ආරම්භය එතෙකින් ආරම්භ විය.

මෙම සිවිල් යුද්ධයන්ගේ ප්‍රතිඵලයක්  ලෙස අරාබි රටවලට අයත් ප්‍රදේශ පවා ඊශ්‍රායලය විසින් බලෙන් අත්පත් කර ගැනීම සිදු විය. අද වන විට යුද්ධය පවතින බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි.

ජෙරුසෙලම අගනගරය සෙ නම්කිරීම

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ජෙරුසෙලම සිය අගනගරයන් බවට පත්කර ගැනීමට ගෙන යන සටන දිගින් දිගටම ඇඳී ගියේ ජාත්‍යන්තර අත පෙවීම්ද සමගිනි.

පලස්තීනුවන් විසින් නැගෙනහිර ජෙරුසෙලම සිය නිළ නොළත් අගනුවර ලෙස සැළකුවද ඊශ්‍රායලය නව නීතිය මඟින් ජෙරුසෙලම සිය අගනගරය බවට ප්‍රකාශයට පත්කෙරිණි. යුරෝපා සංගමයද ඇතුළ ලෝකයේ බහුතරයක් රටවල් ඊශ්‍රායලයේ හිතුවක්කාර තීරණ වලට අකමැති වැද ඇමරිකානු ජනපති වරයාද පසුගිය කාලය පුරාම ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බව පිළිගන්නා ලදී.

කෙසේ වෙතත් අද වන විට ඊශ්‍රායලය සිය කැමැත්ත පරිදි දැඩි තීරණයකට පැමිණ ඇත. එමෙන්ම ඊශ්‍රායලය දැනටම සිටින්නේ ගැටුම් ගොඩක් මැදය.  ඔවුන් ගේ  මෙම අළුත්  පියවර නිසා   ප්‍රජාතන්තවාදය අමතක කොට   එක් ජාතියකට පමණක් ජාතිකත්වය ඉස්මතු කරන්නට ගොස් අර්බුධ වල ගිලී සිටින  ලෝකයේ බොහෝ රටවල් අතරට අනාගතයේ ඊශ්‍රායලයද එක්වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි