×

අබිරහස් ලෙස සීග්‍රයෙන් අඩුවන ලොව විශාලතම ”කිංග් පෙන්ගුයින්” ගහණය

පසුගිය වසර 30ක කාලය තුළ මෙහි ජීවත් වූ පෙන්ගුයින් ප්‍රමාණය සියයට 90කින් අඩු වී ඇති බවට ගන්නා ලද සැටලයිට් ඡායාරූප මඟන් අනාවරණය කර ගෙන ඇත.


ලොව ලෝකුම ”කිංග් පෙන්ගුයින්” කොලණිය ලෙස සැළකෙන්නේ ප්‍රංශයේ ඉල් ඔක්ස් කොෂන්ස් ය. එය පිහිටා ඇතිතේ අප්‍රිකාව සහ ඇන්ටාර්ටිකාව අතරයි.

පසුගිය වසර 30ක කාලය තුළ මෙහි ජීවත් වූ පෙන්ගුයින් ප්‍රමාණය සියයට 90කින් අඩු වී ඇති බවට ගන්නා ලද සැටලයිට් ඡායාරූප මඟන් අනාවරණය කර ගෙන ඇත.

මීට පෙර ගණනය තිබුණේ මෙම දූපතේ පියාසර කළ නොහැකි කිංග් පෙන්ගුයින් ලා මිලියන 2ක් පමණ වාසය කරන බවයි.

නමුත් නවතම සැටලයිට් ඡායාරූප වලින් දැක ගත හැක්කේ කිංග් පෙන්ගුයින් කුරුල්ලන් 200000  ප්‍රමාණයක් පමණක් ඉතිරිවී ඇති බවයි.

කිංග් පෙන්ගුයින් කෙනෙක් ගේ සාමාන්‍ය උස මීටරයකි. සංක්‍රමණය නොවන පක්ෂීන් වර්ගයක් වන මෙම කිංග් පෙන්ගුයින් ප්‍රමාණය මෙසේ අඩු ඉතා සීඝ්‍රයෙන් අඩු වී යෑම සැබවින්ම අබිරහසකි. කිසි සේත් ලෝකය විසින් බලාපොරොත්තු නොවූ දෙයකි.

හෙන්රි වෙමෙර් ස්ක්‍රිච් විසින් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ප්‍රංශයේ පිහිටි මෙම කිංග් පෙන්ගුයින් ගහණය ලෝකයේ සමස්ත කිංග් පෙන්ගුයින් ප්‍රමාණයෙන් තුනෙන් එකක් වන බවයි.

1997 වසරේ දරුණු එල් නිනෝ දේශගුණික තත්ත්වය නිසා ඉන්දීය සාගරය උණුසුම් විය. ඒ හේතුවෙන් කිංග් පෙන්ගුයින් ජීවත් වෙන දකුණු කලාපයේ මාළු සහ දැල්ලන් තාවකාලිකව තල්ලු වීමක් සිදු විය. මෙය කිංග් පෙන්ගුයින් අඩු වීමට බලපෑ හේතුවක් විය. ඒ මෙම පක්ෂීන්ගේ වර්ගයා බෝකිරීම කෙරෙහි එය බලපෑ බැවිනි.

වර්තමානයේ සීග්‍රයෙන් සිදු වන දේශ ගුණික විපර්යාසයන්ද සමග මෙම එල්නිනෝ තත්ත්වයන් නැවත නැවතත් ඇතිවන්නට පටන් ගෙන තිබේ. සාමාන්‍යයෙන් එල්නිනෝ තත්ත්වයන් ඇති වුණේ වසර දෙක්ත් හා හතත් අතර කාලයකට වරකි.

මොවුන්ගේ ගහණය අධික වීමද මොවුන්ගේ අඩුවීමට බලපා ඇති තවත් හේතුවකි.

කිංග් පෙන්ගුයින් ලා තව දුරටත් ලෝකය තුළ රඳවා ගන්නටනම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය වන්නේ මේ කිංග් පෙන්ගුයින් ලා වෙනත් ප්‍රදේශයක් වෙත සංක්‍රමණය කරවීමය. එසේ නොවුනහෝත් මෙම ශතවර්ශය අවසන් වීමට පෙර ලෝකයෙන් කිංග් පෙන්ගුයින්ලා වඳ වී යනු ඇත.
ලෝකයේ දැනට සිටින් පෙන්ගුයින් වර්ග 18 මේ වන විට වඳ වෙමින් සිටී.

කිංග් පෙන්ගුයින් යනු පෙන්ගුයින් වර්ග අතරේ විශාලත්වය අතින් දෙවන ස්ථානයේ සිටින පෙන්ගුයින් වර්ගයයි. විශාලතම පෙන්ගුයින් වර්ගය වන්නේ රාජකීය පෙන්ගුයින් වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි