×

බල්ලන් සමඟ හරි හරියට පොරකෑ රදළ මයිටන්

ජීවිතය පිළිබඳ අමුතුවෙන් සිතන්නට දෙයක් ඉතිරි නොවන තරම් ධනයෙන් ආඪ්‍ය වී උපන් ඉංගී‍්‍රසි රදළයන් අතර, දඩයමට ප්‍රිය කළ වඩාත් ම උමතු රදළ හාම්පුතා ලෙස සැලකෙන්නේ ජෝන් ජැක් මයිටන් ය.


 ත්‍රාසයට හා අවදානමට උමතුවෙන් පෙම් කළ ඔහු, විනෝදය සඳහා නිතර යොදාගත්තේ මැර උපක්‍රම ය. ඒවා විටෙක ඔහු සමඟ සිටි අයට මරු කැඳවුව ද, පසු බැස්සේ ඔහු නොවේ. අදටත් ස්‍රොප්ෂයර් ප්‍රදේශයේ දනන් අතර, පවතින පුරාවෘත්තයන්ට අනුව ජෝන් මයිටන් යනු, කර්කශ හිම සහිත කාලගුණයන්හිදී නිරුවතින් පවා දඩයමේ ගිය අවිනීත රදලයා ය.

සීතලට ඔරොත්තු දීම සඳහා ඔහුට තිබුණේ අපූර්ව හැකියාවකි. පිටත කාලගුණය කෙතරම් කටුක වුවත් -ඇඳුම් අඳීන්නේ නම් ඔහු සෑම විටෙකම එකම ආකාරයේ දඩයම් ඇඳුමක් ඇන්දේ ය. එය සමන්විත වූයේ තුනී ජැකට්ටුවක්, ලිනන් කලිසමක්, අනර්ඝ සේද මේස් සහ නැටුම් සපත්තු තරමට තුනී බූට් සපත්තුවලිනි. අයිස් පොකුණු සහ මඩවගුරුවල එරී-ඉරී යාම නිසා මේ සපත්තු සාමාන්‍යයෙන් එක දිගට දින දෙකකට වඩා ඇඳීමට ද හැකි වූයේ නැත. සන්සුන් ස්‍රොප්ෂයර් ප්‍රදේශය හරහා රෝමානු සෙන්පතියකු මෙන් සිය අශ්ව කරත්තය එළවූ ඔහු, විපතකට මුහුණ පෑ හැම විටෙක ම මහ හඬින් සිනාසුණේ ය. මේ විපත්තිදායක රදළයා සිය දස්කම් නැරඹීම සඳහා මිතුරන්ට ද නිතර ඇරයුම් කළේ ය.

1796 වසරේ උපන් ජැක් ජෝන් මයිටන් පැවතගෙන ආවේ ස්‍රොප්ෂයරයේ ගම්බද ඉඩම් හිමි රදල පවුලකිනි. සියවස් ගණනකට පෙර පටන් මයිටන්වරුන් ප්‍රකටව සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පුතුන් යවන පවුලක් ලෙස ය. සමාජය තුළ ඔවුන් වෙත තිබුණේ ඉහළ ගෞරවනීය පිළිගැනීමකි. එහෙත්, පියා මිය ගිය වහා මයිටන් පවුලෙන් පිටමං කෙරුණේ ඔහු ඒ ජාතියේ පුතකු නොවන බව හැඟී යාම නිසා විය යුතු ය. එහෙත් ඔහු අවාසනාවන්තයකු නොවේ. එසේ පිටමං කිරීමේදී ඔහුට තමන්ගේ පංගුව අඩුවක් නැතිව උරුම විය.

ඒ අනුව ෂ්‍රෑබරි ප්‍රදේශය ආසන්නයේ පිහිටි හැල්ස්ටන් මන්දිරය, අත්පිට මුදලින් පවුම් හැට දහසක් සහ වාර්ෂිකව පවුම් දස දහසක ආදායමක් ඔහුට හිමිවිය. මේ මුදලින් කළ යුතු දෙය නොදැන සිටි ඔහු වසර පහළොවක් ඇතුළත ඒ සියල්ල වියදම් කර වස්තු භංග අයකු බවට පත්වූ අයුරු ස්‍රොප්ෂයරයේ ජනප්‍රිය පුරාවෘත්තයකි.

විටෙක වලසුන් සමඟ පොර බැදීමට ද ඉදිරිපත් විය. වරක් ඔහු රාතී‍්‍ර භෝජන සංග්‍රහයකට ගියේ දඩයම් ඇඳුමින් සැරසීගෙන, ඒ මදිවාට වලසකුගේ ද පිටේ නැඟීගෙන ය. රදලයාගේ විකාර හැසිරීමෙන් කුපිත වූ වලසා නතර වූයේ තම දත් කිහිපයක්ම ඔහුගේ බත්කෙණ්ඩ තුළට ගිලාබැස්සවීමෙනි.

වරක් ඔහුගේ වත්තේ කොනක තිබී සොයාගත්තේ නෝට්ටු මිටියකි. එය මයිටන් විසින් නොසැලකිලිමත් කම නිසා විසිකර දැමූවක් විය. වලව්වේ වැඩ කළ සේවකයන්ට ලබාදෙන ගෙවීම් පිළිබඳ ඔහු වෙත කිසිදු වාර්තාවක් තිබුණේ නැත. වරක් ඩොන්කාස්ටර් හි පැවති තුරඟ තරගයකදී ඔහු ට පවුම් දහස් ගණනක් අහිමි විය. ඒ පැරදුණු මුදල් පිළිබඳ ඔහු කිසි විටෙක තැකීමක් කළේ නැත. එහෙත්, මේ නොමසුරු බව නිසා ම මයිටන්ගේ වතුයායේ වැඩකළ සේවකයෝ ඔහුට අසීමාන්තිකව පි‍්‍රය කළහ. තම රදල හාම්පුතා නෙත ගැටුණු වහා පී‍්‍රති ඝෝෂා නඟමින් ඔහුට සුබ පැතීමට ඔවුහු ඉදිරිපත් වූහ. මයිටන් එවිට ඔවුන් සතුටු කරන්නේ, තවත් මුදල් නෝට්ටු මිටි කිිහිපයක් ඔවුන් වෙත විසි කරමිනි. මේ අතර මයිටන් නිසා උමතු සටන් නොමිලේ දැකබලාගැනීමේ අවස්ථාව ද සේවකයන්ට ලැබී තිබිණි. හොඳීන් වැඩුණු මාංශපේශීවලින් යුත් මයිටන්, පෝට් වයින්වලින් පදම් වූ විට පමණක් නොව, ව්‍යායාම කිරීමට අවශ්‍ය වූ විට ද, බල්ලන් කුපිත කරවා උන් සමඟ පොරකෑවේය.

විටෙක වලසුන් සමඟ පොර බැදීමට ද ඉදිරිපත් විය. වරක් ඔහු රාතී‍්‍ර භෝජන සංග්‍රහයකට ගියේ දඩයම් ඇඳුමින් සැරසීගෙන, ඒ මදිවාට වලසකුගේ ද පිටේ නැඟීගෙන ය. රදලයාගේ විකාර හැසිරීමෙන් කුපිත වූ වලසා නතර වූයේ තම දත් කිහිපයක්ම ඔහුගේ බත්කෙණ්ඩ තුළට ගිලාබැස්සවීමෙනි. එවර නම් සාදය අවසානයේ මයිටන් හට වෛද්‍යවරයකු කැඳවීමට සිදුවිය. කෙසේ නමුත් සතුන්ට පි‍්‍රය කරන ගතියක් ද ඔහුගේ චරිතයේ විය. ඔහුගේ පි‍්‍රයතම සත්වයා වූයේ ‘බැරනොට්’ නමැති එකැස්, ක්‍රීඩාශීලී අශ්වයෙකි. බැරනොට් ඔහු තෝරාගෙන තිබුණේ, වරක් හසාර්හි පොකුණට යාර 9 ක් ඉහළින් ඌ පනින ආකාරය දැකීම නිසා කුල්මත් වීමෙන් පසුව ය. අණ ලැබෙන තෙක් ඉඟටිය හා දෙකලවා වලින් බිම ඇණ තබාගෙන සිටින තවත් අශ්වයෙක් ඔහු සතු විය. මේ දඩයම් සගයන් ගැන තමන්ටත් වඩා ඔහු සොයාබැලූවේය.

විටෙක මයිටන් දැඩි හිම පතනය මධ්‍යයේ අතරමඟ හමුවන පැල්පතක දොරට තට්ටු කරයි. ඉන්පසු තම අශ්වයා ගිනිමැලය ළඟට දක්කාගෙන ගොස් ඌ උණුසුම් කිරීමට පැල්පත් හිමියාගෙන් අවසර පතා සිටියි. ස්පෝට්ස්මන් ලෙස හැඳීන්වුණු තවත් පි‍්‍රයතම අශ්වයෙක් මයිටන් හට විය. මයිටන් ඌට වරක් පෝට් වයින් බෝතලයක් පෙව්වේය. තුරඟා එය පානය කළේ දැඩි ගිජු බවකිනි. එහෙත් මද වේලාවකට පසු ඌ මැරී වැටුණේ ය. 1830 පමණ වන විට ඔහුගේ මිතුරෝ හිස් සොලවමින් මෙසේ කීහ. “මයිටන්ගේ කාලෙ හමාරයි” දැඩි ලෙස බීමට ද, ස්වපීඩක රෝගී බවට ද ගොදුරුව සිටි මයිටන් දැඩි ණය බරින් ද පීඩා විඳිමින් සිටියේ ය. අවසානයේ සිය ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු ප්‍රංශයට පලා ගියේ ය. එසේ පලායාමට පෙර, ඔහු ගැන කියැවෙන රස කතාවලට තවත් කතාවක් එක් කිරීමට මයිටන් අමතක කළේ නැත. එම කතාවට අනුව එක් රාත්‍රීයක ඔහුට ඉක්කාවක් වැළඳීණි.

ක්ෂණික කම්පනයට ලක් වූ විට, ඉක්කාව සුව කර ගත හැකි බව ඔහු අසා තිබුණේ ය. ඒ නිසා ඔහු කළේ, තමන් ඇඳගෙන සිටි රාත්‍රී කමිසයට ගිනි තබා ගැනීමයි. ඉක්කාව නතර වූ නමුත් පසුදින උදෑසන ම පැමිණ ඔහුගේ පිළිස්සුම් තුවාළවලට ප්‍රතිකාර කිරීමට මිතුරන්ට සිදුවිය. ප්‍රංශයට පලා ගිය නමුත් ඔහු පිටරට ජීවිතයට වෛර කළේ ය. ස්‍රොප්ෂය් ප්‍රදේශයේ තණබිම් සිහිවන විට ඔහුට වාවාගෙන සිටිය නොහැකි වූවා සේය. ඔහු නැවත එංගලන්තයට ආපසු ආවේ ය. එවිට ඔහු එනතෙක් මඟ රැකගෙන සිටියෝ ඔහුගේ ණය හිමියෝ ය. අවසානයේ වයස අවුරුදු තිස් අටේ දී ණයකරුවන් සඳහා වෙන් වූ බන්ධනාගාරයක දී ඔහු මළේ ය. එහෙත් ඔහුගේ ජීවිතාන්තය දක්වා ඔහු ලබාගත් ජනපි‍්‍රයත්වය නොනැසී පැවතිණි. මයිටන්ගේ අවමංගල්‍යයට ඔහුගේ දඩයම් සගයන් සහ මිත්‍රයන් තුන්දහසකට අධික පිරිසක් වැලනොකැඩී ඇදී ආ බව ඉතිහාසය කියයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි