×

වැරදි වෙලාවේ ‘හරි කෙනා‘ හමුවීමේ සුන්දරත්වය සහ වේදනාව

එය වේදනාවක් බව ඇත්ත. නමුත් ජීවිතයේ යම් දිනෙක, ආපසු හැරී බලන විට ඒ වේදනාව තුළ සදාකාලික සුන්දරත්වයක් තැවරී ඇති බව ඔබට වැටහේවි.


දිවි ගමනේ සහකාරිය හෝ සහකාරිය බොහෝ විට මුණ ගැහෙන්නේ කලින් සැලසුම් කර නොවෙයි. නොසිතන මොහොතක, නොසිතන ස්ථානයකදී, නොසිතන පරිදි ඔබට ඔහු හෝ ඇය මුණ ගැසේවි. නමුත් ජීවිතය දිගටම ගලාගෙන යද්දී, ඒ අය ජීවිතයෙන් යාවි. තවත් අය ජීවිතයට ඒවි. එ් තමයි ජීවිතය.

යම් දිනෙක එක වහලක් යටට ගිය විට බොහෝ දෙනා තමන්ගේ අතීතය දෙස බලා මෙවැනි මැසිවිල්ලක් නගනවා. ‘‘අපරාදෙ මට අරය මිස් වුණේ.. ඇත්තටම එයා තමයි මගෙ හරි කෙනා..“

ඒ ‘හරි කෙනා‘ එහෙම නම් ඔබ ළඟ නතර නොවුණේ ඇයි? බොහෝ විට එහෙම වෙන්නේ, හරි කෙනා ඔබට හමු වී තිබෙන්නේ ‘වැරදි වෙලාවක‘ වන නිසයි. ඔබේ දෛවයේ ලියැවී ඇති කෙනා, එහෙමත් නැතිනම් අවසානයේ ඔබ නතර වන කෙනා, ‘හරි කෙනා‘ නොවෙන බව දැන දැනත්, අවසානයේ ඔබ තීරණය කරන්නේ මෙවැනි දෙයක්. ඒ තමයි, ‘වැරදි වෙලාවේ හමු වූ හරි කෙනා‘ වෙනුවට ‘හරි වෙලාවේ හමුවුණු වැරදි කෙනා‘ සමග ඉතිරි මුළු ජීවිත කාලයම ගත කිරීම…

සැබෑ ජීවිතයේදී මනුෂ්‍යයන් හැසිරෙන්නේ සංකීර්ණ ආකාරයටයි. ඔවුන් සිය ජීවිතයේ සබඳතාවලදී සාමාන්‍ය හැසිරීම්වලටත් වඩා සංකීර්ණ හැසිරීම් ප්‍රකට කරනවා. ඒක මානවයාට පොදු වුණු විශ්ව ගුණාංගයක්.

‘ද පවර් ඔෆ් සයන්ස්‘ වෙබ් අඩවියට මාරි රයිට් විසින් ලියන ලද  ‘The- Beauty And The Pain Of Meeting The Right Person at the Wrong Time ලිපියට අනුව වැරදි වෙලාවේ හමු වූ හරි කෙනා හෝ හරි වෙලාවේ හමු වු වැරදි කෙනා ට සමුදිය යුතු වේලාව ඔබටම සොයාගන්නට පුළුවන්. එනම්, ඔබට සබඳතාවය තුළ යම් අවස්ථාවක මේ විදිහට දැනෙන්නට පටන් ගනීවි. ‘‘එයාට උවමනා විදිහට ආදරය දෙන්න මට බෑ..‘‘ දිගින් දිගටම මේ තත්වය බලපවත්වනවා නම් කළ යුතු හොඳම දෙය, ඔවුන්ට ඔබෙන් මිදී යන්නට ඉඩ හැරීමයි.

එය වේදනාවක් බව ඇත්ත. නමුත් ජීවිතයේ යම් දිනෙක, ආපසු හැරී බලන විට ඒ වේදනාව තුළ සදාකාලික සුන්දරත්වයක් තැවරී ඇති බව ඔබට වැටහේවි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි