×

සිරගෙදර සිට ලියා එවූ මැන්ඩෙලා ගේ ආදරය

ජීවිතය හා ආදරය පිරුණු මැන්ඩෙලාගේ නොපළ ලිපි....


”මනුෂ්‍යත්වය ආදරයටත් ගෞරවයටත් පත් වන්නේ ඉතිහාසයේ අරුණැල්ලත් සමඟිනි .. ඉතිහාසය උදා වූ දා පටන් මගේ ආදරවන්තිය ඔබ වැනි තව ගැහැණුන් හා පිරිමින් වගේම ගම්බද දැරීවියන් තුළද ඒ ආදරය පිරී තිබෙනවා….”.

ඒ නෙල්සන් මැන්ඩෙලා .. අප්‍රිකානු නිදහසේ පියා සිය බිරිඳ විනී මැන්ඩෙලා වෙත ලියූ ලිපියක කෙටෙසකි.

දියණියගේ ඖෂධ , බීතෝවන්ගේ සංගීතය, බිරිඳගේ නර්තනය … ගැන රොබෙන් දූපතේ සිරතව සිට මැන්ලිඩෙලා ලියූ මේ ලිපි,  දේශපාලන සටන්කරුවෙක් තුළ සැඟවුණ ආදරණීය සැමියෙකු ගැන දුක්බර කථාවක් කියාපාන්නේය.

1969 වසරේ ආරම්භ වූ 27 වසරක සිර ගත ජීවිතයේ 6 වන වසරේදී සිය බිරිඳ වෙත ලිපි ලියන්නට ඔහුට අවසර ලැබිණි. ඔහුට ලියන්නට අවසර දුන්නේ හරියටම වචන 500ක් පමණි. එයද මාස 6කට වරක් පවුලේ එක් සාමාජිකයෙකුට පමණි. නිදහස් අදහස්ද ආදරයද පිරුණු හදවතක් තිබූ මේ මිනිසාට ආදරය ගැන ලියන්නට වචන 500ක් මදි වුවද ඔහු එයින්ද සෑහීමකට පත්ව එතැන් සිට සිය බිරිඳට අකුරු කරන්නට පටන් ගත්තේය.

සිරගත අඳුරු ජීවිතයේ සිතට එන සිතිවිලි ලියා තබන්නට ඔහු කුඩා පොතක් ළඟ තබා ගත්තේය. තමා ලියා යවන ලිපි වල සියල්ලද , තවත් කරුණුද ඔහු මේ පොතෙහි සණිටුහණ් කළේය. ඔහු එසේ ලියන ලිපි නිසි වේලාවට විනීට ලැබෙන සේ තැපැල් කරන්නට තරම් සිරමැදිරයේ නිළධාරීන් කාරුණික නොවූහ. එමෙන්ම ඔහුට ලැබෙන පිළිතුරු ලිපිත් සමහර විට රාජසන්තක විය තවත් සමහර විට නිළධාරීන් විසින් ඒවා ඔහුට දුන්නේ කල් පසු වූ පසුයි. තම ලිපි අවශ්‍ය පුද්ගලයාගේ අතට නොලැබුණු බව හැඟුණු වහාම ඔහු යළිත් එය ලියන්නට පටන් ගන්නේය . ඔහුගේ සිරගත ජීවිතය සෙමින් ගත වූයේ ලැබුණු බව හෝ පිළිතුරු ගැන හරිහැටි විස්තරයක් නොදත් ඔහුගේ මේ ලිපිද සමඟිනි.

    මැන්ඩෙලා සිරමැදිරියේ දී

සිර ගත වන්නට පෙර ඔහුට ජනතාවට කියන්නට තිබූ බොහෝ දෑද මේ විනී වෙත යැවුණු ආදරණීය ලිපි වල අන්තර් ගත විය. ඒ නිසාම ඔහු නැතද ඔහුගේ සිය වන උපන්දිනය සමරමින් මෙම ලිපි බෙහෝමයක් පොදුජනයා වෙනුවෙන් පළ කරන්නට හැකි විය‍.

මැන්ඩෙලා, දකුණු අප්‍රිකානු සමාජ පෙරළියේ නියමුවා කෙතරම් ආදරණීය මිනිසෙක්ද යන්න ඔහුගෙන් පසු සමාජය සැබවින්ම දැන ගත්තේ ඔහුගේ ලිපි වල අන්තර්ගතයද සමගිනි.

විනී වෙත මුළින්ම සඳහන් කළ ලිපිය ලියද්දී 1962 වසරේදී මැන්ඩෙලා මෙන්ම මැන්ඩෙලාගේ මුළු මහත් පවුලම සිටියේ කරදර කෙනෙහෙලිකම් කන්දක් මැද්දේය.
ඔහු මන්ෂ්‍යත්වයේ ගැහැණිය ලෙස ඇමතූ ඔහුට සමාජය හා ගනුදෙනු කරන්නට තිබූ එකම සම්බන්ධකම වූ විනී මැන්ඩෙලාද ඒ වන විට ගත කළේ සිර ගත ජීවිතයකි. ඔහුගේ දරුවන්ටද හිමි වූයේ අනාථ වූ දුක්බර ජීයවිතයකි. ඔහුට ඔහුගේ මවගේ අවමංගල්‍යයට සහභාගී වන්නට හෝ අවසර නොළැබුනේය.

මේ සියලු සිදුවිම් හමුවේද ඔහු ලිපි ලිවීම නතර නොකළේය. දිගු කලකට නොදුටු තම මව ගේ මතකය ඇගේ රූපය සිය සිතේ ඇඳී ඇති අයුරු ඔහු එම ලිපිවල ලියන්නට විය.

තවත් විටෙක ඔහුට හදිසි පණිවිඩයත් ලැබුණේ සිය 24 හැවිරිදි පුතු රිය අනතුරකින් මිය ගොස් ඇති බවයි. ඔහුගේ නම තෙම්බිය. ඔහගේ වියෝව මැන්ඩෙලා දර ගත් අයුරු ඔහු තවත් ලිපියක ලිවුවේය. සිය රුදිරය අයිස් බවට පත් වන්නට පටන් ගත් බවත් මුළු සිරකුටියම අයිස් වලින් වසී  ගියා වැනි හෑගීමක් තමන්ට දැණුනු බව සිය පුතුගේ වියෝ දැනගත් පසු ඔහු ලියන්නට විය.

” දරුණු ලෙස පහර කෑ පීඩිත වේදනාවට පත් මිනිසෙකුගේ අවසන් නැවතුම් පළ ” ඔහු සිය සිරකුටිය එස් හැඳින්වූවේය. සිය මවගේ මෙන්ම පුතණුවන්ගේද මළ සිරුරු දකින්නට හෝ අවසන්ගෞරව දක්වන්නට ඔහුට අවසරයක් නොලැබිණි.

ඔහුගේ දියණියන් දෙදෙනා වන සේනී සහ සින්සි ට සිය පියා බලන්නට හැකි වූයේ ඔවුන්ට වයස අවරුදු 16 සම්පර්ණ වූ විටයි. පියෙකු ලෙස තම කාර්ය භාරය ඉටු කිරීමට මැන්ඩෙලාට හැකි වූයේ ලිපි හරහාම පමණි. නමුත් එම ලිපි ඔහු හා දියණියන් අතර හුවමාරුවේදී බාධක රැසකට මුහුණ දුන්නේය.

සිය දෙවන පුතු වූ මැක්ගතොට ලියූ ඔහු ඔහුගේ අඩම්බර කම ගැන හා දඟකාරගම ගැන තරවට්ටු ස්වරූපයෙන් ලිපි ලිවීය. ඔහුගේ හෘද සාක්ෂිය ගැන ඔහ් විවේචනය කළේය.

1971 දී සිය දියණිය සෙනීට ලියූ මැන්ඩෙලා “මිරියාම් -මාකේබා, පෝල් රොබෙසන් හෝ බීතෝවන්ගේ සංගීතයට ඇහුම්කන් දෙනු ඇතැයි තමන් බලාපොරෝත්තු වන බව ලියා දැන්වීය.. ඒ පැමිණ තිබුණේ එල්විස් ප්‍රෙස්ලියේ යුගය බව ඔහුට දැනී තිබුණේ නැත.

1979 වසරේදී විනිට ලියන ඔහු ඇයට උපදෙස් දෙන්නේ දියණිය සින්ඩ්සි ට උණු තේ පෙවන ලෙසත් බ්‍රොන්කයිටිස් රොගයෙන් පීඩා විඳි ඇයට ඉන් සුව විමට උපකාර කරන ලෙසත්ය

මිය ගිය සිය පුතු තෙම්බිගේ බිරිඳ කිසි දිනෙක ඔහු දැක නොතිබුණද ඇයටද ඔහු ලිවීය. එම ලිපි උපදෙස් පත්‍රිකා වල ස්වරූපය ගත්තේය… ” මතක තබා ගන්න ඔබ මගේ උපදෙස් පිළිගත්තද නැතද මා ඔබ ගැන සිතා සිටින ආකාරය එලෙසම වෙනස් නොවී පවතිනු ඇත. ” මම ඔබ ගැන ආඩම්බර වෙමි ආදරය කරමි..” මැන්ඩෙලා ඇයට ඔහුගේ ආදරය ලියා එවුවේ එලෙසයි.

විනී සිය බිරිඳ ගැන ඔහුගේ සිතේ තිබී උතුරා යන සෙනෙහස ඇයට ලියූ සෑම ලිපියකම ඔහු සටහන් කළේය. එපමණක්ද නොව නිර්භිත ගැහැණියක් වන්නට ධෛර්යයද ඒ ලිපි වල අඩංගු වී තිබිණි. මැන්ඩෙලාගෙන් පමණක් වෛරය පිරි මසා නොගත් බලධාරීන් විනීවද සිරගත කළහ හරියටම දින 200ක් ස්නානය කරන්නට වතුර පොදක් පවා ඇයට තහනම් කළහ.

තමන් ගේ බිරිඳ වූ  නිසාම සිරගතව දුක් විදීන සිය නිර්භීත ගැහැණියට ඔහු මෙසේ ලිව්වේය.
“I feel as if I have been soaked in gall, every part of me, my flesh, bloodstream, bone & soul, so bitter am I to be completely powerless to help you,”

ඔවුන්ගේ ක්‍රෝධයේ මා ගිල්වා ඇතැයි මට දැනේ .මගේ සිරුරේ සෑම කොටසක්ම. රුධිරය , මාංශ,අස්ථි, සියල්ලක්මත්…. මම ඔබට උදවු කිරීමට සම්පූර්ණයෙන්ම අසමත් වී ඇතිද?

සිරමැදිරියේ ඔහු සිය බිරිඳ ගැන සිහිනද දැක්කේය. ඒ ගැනද ඔහු සිය ලිපියක මෙසේ ලියා යැවීය. ” අති සුන්දර හවායී නැටුමක් … ඔබ කැරකෙමින් මා දෙසට ආවා.. ඔබේ ආදරණීය සිනහව සමග.. මට ඔබ නැතිව පාළුයි…”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි