×

ජීවිත පරදුවට තබා විමුක්තිය සොයන කුර්දිෂ් ගැහැණු.

ඔවුන් විසින් නිදහස උරුම කර දුන් ප්‍රදේශ ගණනාවක්ම වෙයි.


නිශ්චිත ගණනය කිරීමක් සිදු නොවුනත් කුර්දිස්තානයේ යුධ සෙබළුන්ගෙන් 40ක්ම සිටින්නේ ගැහැණුන්ය.
2011 වසරේදී සිරියානු යුද්ධය ආරම්භ වූ පසු කුර්දිෂ් තරුණියන්ට ගෙදරට වී සිය සාමාන්‍ය ජීවිකාව කරගෙන යන්නට ඉඩක් නොලැබෙන්නේය..ඔවුන්ගෙන් බෙහෝමයකට බර ආයුධයක් අතට ගන්නටද යුධ ඇදුම් ඇග ලා ගන්නටද සිදු වන්නේය. එසේ වුවද ඔවුන්ගේ සුන්දරත්වය බිදක් හෝ අඩු නොවී ඇත.
යුද්ධයේ ආරම්භයත් සමග බර්ලීනයේ ඡායාරූප ශිල්පී සොන්ජා හමාඩ් මේ වීර කාන්තාවන්ගේ ඡායාරූප නිතර සිය කැමරා කාචයට හසු කර ගත් අතර ඇය පවසන්නේ කුර්දිෂ් කතුන් ගෙවන්නේ පහසු ජීවිතයක් නොවන බවයි.


Zilan, 19
Sinjar, Iraqi Kurdistan


කුර්දිෂ් වරුන් මිලියන 25-30ත් අතර ප්‍රමාණයක් ජීවත් වන කුර්ද්ස්තානයේ නිදහස වෙනුවෙන් ඔවුන් සටන් කරන්නේ සියවස් ගණණක් ඈත ඉතිහාසයේ සිටයි. නමුත් අද දක්වාම ඔවුන්ට තමන්ගේම කියා රටක් ගොඩ නගන්නට මෙන්ම ජාතියක් සේ නැගී සිටින්නට නොහැකි වී ඇත.
බොහෝ විට එසේ වී ඇත්තේ එරට භූගෝලීය පිහිටීම නිසාවෙනි. රටවල් කිහිපයකින් වටවූ රටක් වන කුර්දිස්තානය තුර්කිය,සිරියාව,ඉරාකය, ඉරානය හා අර්මේනියාව යන රාජ්‍ය්‍යන් සියල්ලේම දේශ සීමා වලින් වටවී තිබේ. ඒ හේතුවෙන්ම මේ සෑම රටක්ම පාහේ කුර්දිස්තානයට තනිව නැගිටින්නටනම් අවස්ථාවක් ලබා දී නැත.


Diljin, 21
Sinjar, Iraqi Kurdistan

සිරියාව හා ඉරාකය විසින් සිය අර්ධ ස්වාධීන පළාතක් ලෙස කුරුදිස්තානය නම් කර ඇති අතර ඉරානය සහ තුර්කිය විසින් සිය මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ කුර්දිස්තානය පාලනය කරයි.
සිරියාවේ කුර්දිෂ් පජාතාන්ත්‍රික ආයුධ පක්ෂය සන්නද්ධ පක්ෂයක් වන අතර එහි කාන්තා අංශයක් වෙනම පවතී. YPG හා YPJලෙසින් නම් කර ඇති මෙම පාර්ෂවයන් දෙක හැරුණ විට නිදහස් කාන්තා ඒකකය නමින් පක්ෂයක්ද වේ. එය සැදී තිබෙන්නේ ගරිල්ලා සෙබළියන්ගෙනි.


Dicle, 23
Hasaka, Rojava, northern Syria

ඔවුන්ගෙන් සෙබළියන් බෙහෝමයක් අනුගමනය කරන්නේ අබ්දුල්ලා ඔස්ලාන් නැමති සිර ගතකර සිටින කුර්දිස්තාන කම්කරු පක්ෂයේ නායකයාය. ඉරාක කුර්දිස්ථානයේ මෙම නායකයාගේ ඡායාරූපය සහික පෝස්ටර් සෑම තැනකම පාහේ දැකිය හැකි වේ.


Jihan, 25
Kobani, Rojava, northern Syria


කාන්තා සෙබළියන් ඔහුව අනුගමනය කිරීමේ එක් හේතුවක් වන්නේ ඔහුගේ ප්‍රතිපත්ති මාලාවේ එකක් ලෙස ඔහු විසින් ” කාන්තාවන් නිදහස් නැතිනම් දේශයක් නිදහස් නොවනු ඇත” යන්න ඇතුලත් කර ඇති නිසාවෙන් බවයි. සිර ගතව සිටියද ඔහු සිය සාමාජිකාවන් සෑම විටම දිරිමත් කරමින් සිටී.


වැටුපක් නොමැතිව සිය මෙහෙවර සිදු කරන මෙම කාන්තාවන් බෙහෝමයකට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සදහා උපකාර ලැබෙන්නේ ප්‍රදේශ වාසීන්ගෙනි. යුද්ධය නිසා අත්හැර ගිය නිවාස ඔවුන්ගේ නවාතැන් බවට පත් ව ඇත‍.


ඔවුන් විසින් නිදහස උරුම කර දුන් ප්‍රදේශ ගණනාවක්ම වෙයි. 2014 වසරේ සිට ISIS යටතේ පැවති උකුරු සිරියාව යටතේ පැවති කොබානි ප්‍රදේශය ඔවුන් විසින් 2015 දී දිනා ගනු ලැබීය.
ගරිල්ලා සටන් කාරිණියන් වන මොවුන්ගෙන් බොහොමයක් සිය ජනතාවගේ නිදහස වෙනුවෙන් සිය ජීවිත කැප කර ඇති අතර ඔවුන්ගේ ජීවිත කෙතරම් අදුරු වී ඇතිදැයි යන්න මෙම ඡායාරූප වලින් දැකිය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි