×

බ්‍රසීලය,ඉතාලිය,ජර්මනිය,ආර්ජෙන්ටිනාව සහ නෙදර්ලන්තය අතරට ප්‍රංශය

පිට පිටම පාපන්දු ලෝක කුසලාන අවසාන තරග දෙකකට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ප්‍රමාණය හය දක්වා ඉහළ නංවන්නට ප්‍රංශය සමත් වුණා.


පිට පිටම පාපන්දු ලෝක කුසලාන අවසාන තරග දෙකකට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ප්‍රමාණය හය දක්වා ඉහළ නංවන්නට ප්‍රංශය සමත් වුණා.මීට පෙර මෙවැනි අවස්ථා වාර්තා වි ඇත්තේ පහක් පමණයි.ඒ අවස්ථාවන් දිනා ගෙන තිබෙන්නේ ඉතාලිය,ජර්මණිය,බ්‍රසීලය,ආර්ජෙන්ටිනාව සහ නෙදර්ලන්තයයි.එහිදි එම පිවිසීම සූරතාවයෙන් නිමා කර ඇත්තේ ඉතාලිය සහ බ්‍රසීලය පමණයි.නෙදර්ලන්තයට අවස්ථා දෙකේදීම අනු සූරතාවය හිමිවි තිබීමත් කැපී පෙනෙනවා.ඉතාලිය පිට පිටම දෙවතාවක් ජයගෙන ඇත්තේ 1934 සහ 1938 යන වසරවලයි.බ්‍රසීලය ජයගෙන ඇත්තේ 1958 සහ 1962 යන වසරවලයි.ආර්ජෙන්ටිනාවේ සහ ජර්මණියේ ප්‍රවේශ එකම වසරවල සිඳුව තිබෙනවා.එයින් එක් අවස්ථාවක ජර්මනිය සහ අනෙක් අවස්ථාවේ ආර්ජෙන්ටිනාව ජයගෙන තිබෙනවා.1986දී ආර්ජෙන්ටිනාවත්,1990 දී ජර්මණියත් ඒ ආකාරයෙන් ජයගෙන තිබෙනවා.

මොරොක්කෝවට එරෙහිව ඉතා සැළසුම් සහගත ජයග්‍රහණයක් ලැබූ ප්‍රංශය තරගය ගෝල 2-0 ට හමාර කළා.තරගය ආරම්භ වි පස්වන විනාඩියේදීම හර්නැන්ඩස් ක්‍රියාත්මක වුණා.මොරොක්කෝවට ගෝලයක් ලබා ගන්නට ඉඩ ලැබුණොත් එතැන් සිට සිඳුවන්නේ ඔවුන් මුළු ශක්තිය යොදා සිය දැල සුරැකීම බව තරගාවලිය පුරාම විඳ තිබුණු ප්‍රංශය ඉන් අනතුරුව කළේ තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීමයි.
ඉන් අනතුරුව ප්‍රංශ ජයග්‍රහණය 2- 0 ක් බවට පත් කළේ කොලෝ මුආනි යි.ඔහු 78 වන විනාඩියේදි අත්රේක ක්‍රීඩකයෙක් හැටියට පිටියට ආ සැනින් 79 වන විනාඩියේදී මේ තරගාවලියේ සුරක්ෂිතම දෑතක් වූ යාසින් බොනෝ අභිබවා යන්නට සමත් වුණා.ප්‍රංශ කණ්ඩායමේ නායක හියුගෝ ලෝරිස් මෙන්ම ප්‍රංශ ආරක්ෂක පෙළ සියල්ලම තරගය හොඳින් අධ්‍යයනය කරමින් සිටියා.එක ඇසිල්ලක හෝ අතපසුවීමකින් ප්‍රවේගකාරී මොරොක්කෝ ප්‍රහාරකයන් තම දැලට කඩා පනින වේගය සිතා ගත නොහැකි එකක් වනු ඇති බව ඔවුන් දැන සිටියා.
ඒ නිසා මොරොක්කෝ ක්‍රීඩකයින් නිතර ප්‍රංශ දැල කරා ආවද හියුගෝ හෝ ආරක්ෂක පෙළ දැඩි සැළකිල්ලකින් පන්දුව දැල වෙත ගමන් කිරීම නවතනු ලැබුවා.තරගයේ අවසාන මොහොතට ඉතා ආසන්නයේ දි පවා එම සංයුතිය සූදානමෙන් සිටි අතර අවසාන විසිල් හඬ නිකුත් වන තුරුම තරගය සැහැල්ලුවට ගත්තේ නැහැ.ඒ නිසා තරගයේ නිමාව පෙනි පෙනී පවා ගෝලයකට යාමට මොරොක්කෝවට කිසිඳු ඉඩක් නොදී ඉන්නට ඔවුන්ට හැකි වුණා.
ම්බාපේ සහ ග්‍රීස්මාන් ඉතා හොදින් තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යය ගමණට සහයෝගය දුන්නා.ඉලක්කය ගෝලය වෙත පන්දුව යොමු කිරීම වෙනුවට, පන්දුව ගෝලය වෙත යොමු කිරීමට අවශ්‍යය මඟ සැකසීම බව තේරුම් ගෙන දෙදෙනාම ඉතා හොඳ දායකත්වයක් ප්‍රංශයේ අවසාන තරග ප්‍රවේශය සඳහා ලබා දෙන්නට ම්බාපේ සහ ග්‍රිස්මාන් සමත් වුණා.

1986 දී ආර්ජෙන්ටිනාව අවසාන වරට ලෝක කුසලානයක් ජය ගනිද්දී ප්‍රංශය එම තරගාවලියේ තෙවැන්නන් වුණා. ප්‍රංශය මෙන්ම ආර්ජෙන්ටිනාව ද මේ වන විට ලෝක කුසලාන දෙක බැඟින් දිනා ගෙන තිබෙනවා.ආර්ජෙන්ටිනාවේ දක්ෂතා ගැන ඉතිහාසය පරණයි.ඔවුන් ආරම්භක ලෝක කුසලානයේ දි ද අනු සූරතාවය දිනූ රටයි.නමුත් ප්‍රංශ සූරතා දෙකම දිනා ගෙන ඇත්තේ අවුරුදු 24 ක් කාලයක් ඇතුළතයි.1998 දී ජයගෙන ඇති ඔවුන් මෙවර අවසාන තරගයට ඉදිරිපත් වන්නේ 2018 ජයග්‍රහණය රැක ගන්නටයි.වසර 36 ට පසුව සූරතාවයක් සඳහා යන්නට අවස්ථාව එළැඹි ඇති මොහොතක මෙසී ඇතුළු ආර්ජෙන්ටිනා කණ්ඩායම සූරතාවය සැහැල්ලුවට නොගන්නා බව විශ්වාසයි.එසේම තියෙන කිරුළ රැක ගන්නට ප්‍රංශය ද සිය උපරිමයට කරනු ඇති බවත් නිසැකයි.දේශ සීමා මායිම් නැති පාපන්දු ආදරය මේ දෙපිරිස ගේ සටන්කාමීත්වය තව දුරටත් පුළුල් කර ලෝකයක් තරමට විශාල කරන ලෝක කුසලාන අවසාන තරගය 18 වැනිදා දැක ගන්නට ලෝකයක් බලා සිටින්නේ ආදරය කරන්නට තරම් විශ්මිත ගුණාංග පාපන්දුවල ඇති නිසයි.

RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි