×

ලෝක කුසලානය සහ රෙදි

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී එවැනි භෞතිකමය රෙදි මෙන්ම කටාරයේ සළු ද ලිහි වැටෙන අවස්ථා දැකිය හැකි අතර ඒවා කාන්තාවට දැඩි නීතිමය සීමාවන් ඇති කටාරයේ දී සිඳුවීම විශේෂිතය.


ලෝකයේ මානව නිදහසට සහ අදහසට විලංගු ඇති සංස්කෘතික නීති පිටුපස බොහෝ විට දකින්නට ඇති දෙයක් වන්නේ පිරිමි බලහත්කාරය විසින් ගැහැණිය යටත් කර ගැනීමයි.නැතිනම් ගැහැණියගේ අදහස සහ නිදහස පැවතිය යුතු ආකාරය පිරිමි මනසේ අටවාගත් සංස්කෘතියකට හරි කර බැඳ තැබීමයි.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී එවැනි භෞතිකමය රෙදි මෙන්ම කටාරයේ සළු ද ලිහි වැටෙන අවස්ථා දැකිය හැකි අතර ඒවා කාන්තාවට දැඩි නීතිමය සීමාවන් ඇති කටාරයේ දී සිඳුවීම විශේෂිතය.තවත් අරාබි රටක් වන සවුදි අරාබි කණ්ඩායම රැඳි සිටි ස්ථානයකදී සේවකයෙක් මිය යාම ගැන මතුව ඇති උණුසුම ගැන කටාරය පැත්තෙන් කටාර් 2022 ලෝක කුසලානයේ ප්‍රධාන විධායක නසාර් අල් ඛාටර් දක්වන ලද අදහස් බොහෝ සදාචාර තුළ යම් ආකාරයක පිළිකුලක් ඇති කරන්නේය.

කවද හිටියත් මැරෙනවානෙ යන ආකාරයේ අසංවේදි ප්‍රකාශයකින් එම මරණයේ බර සැහැල්ලු කර දක්වන ඛාටර් අපිට හොඳ ලෝක කුසලාන තරගාවලියක් තියෙනවා.ඇයි එහෙම තියෙද්දි මෙහෙම මරණයක් වැදගත් වෙන්නෙ වැනි ප්‍රකාශයකින් එම අසංවේදීකමේ ස්වභාවය වඩාත් පුළුල් කර ඇත.එසේම කමුකරු ජිවිත 400 – 500 ක් පමණ අහිමි වීම වැනි ප්‍රශ්නයක් මුල් කර ගැනීම ගැන මාධ්‍යයට අප්‍රසාදය පළ කර ඇති ඛාටර් සිතන්නේ ජීවිත සිය ගණනකට වඩා ලෝක කුසලානය පැවත්වීම ප්‍රාතිහාර්යක් සේ දකින සේ කරන ඉල්ලීමක්ය.මේ උද්ධච්ඡ අසංවේදී ප්‍රකාශයන්ගෙන් කටාරය පමණක් නොව මේ වන විට ලෝක පාපන්දු සම්මේලනය ද යම් ආකරයක පිළිකුලක කොටස්කාරයින් වී සිටින තත්ත්වයක් ඇතුළත කටාරයේ සංස්කෘතික සීමාවන් සමබන්ධයෙන් නීතිමය අවහිරතා ඇති කරන පරිසරයක අපූරු ඡායාරූප ගණනාවක් මාධ්‍ය තුළ සැරිසරන්නේ යටි පෙළක් සේ ආගමික බලහත්කාරය සෙමින් කොනිත්තමින්ය.
එම ඡායාරූපවල හිමිකාරිණිය ක්‍රෝඒෂියානු රූ රැජිණක් වන ඉවානා නෝල් ය.ඇය අපූරුවට සිර සිරුරේ ආකර්ශණය ප්‍රදර්ශනය වන ආකාරයේ සහ තරගයක් නැරඹිම සඳහා ඇයට අවශ්‍යය සැහැල්ලුව විඳින ආකරයට කටාර් පාපන්දු පිටි තුළ රැඳි සිටින්නීය.සංස්කෘතික හිරවීමෙන් පිට පනින කටාර් හි මිනිසුන්ගේ යථාර්තය ඇයව හසු කරගන්නට සිය ජංගම දුරකතන කැමරාව සමඟ දිව යන අයුරු මේ වන විට සුපුරුදු දසුනක්ය.
මේ සම්බන්ධයෙන් කටාර් නීතිය දැඩිව කැළඹිමට සහ කණස්සල්ලට පත්ව ඇති අතර එවැනි ඇඳුම් සම්බන්ධයෙන් වන කටාර් නීතියේ ඇති සිර දඬුවම් සහ දැඩි දඩ මේ වන විට ඉවානා පසුපසින් හඹා එන්නට පටන්ගෙන ඇත.ඊට කටාරයේ ඉහළ පංතිය එකතු කරන අපූරු අදහසක්ද ඈදා ඇත.ඒ ඡායාරූප ගැනීම ආශාවෙන් කරන දෙයක් නොව නීතියට පිටින් වෙන දෙයක් නිසා කරන ඡායාරූප ගැනීමක් බවය.නමුත් ඒ මුහුණුවල ප්‍රකාශනයන්නම් කියන්නේ ඊට ඇති කැමත්තය.එය සතුටින් විඳින බවය.කටාර් ආගමික නීති සම්ප්‍රදායන් විසින් බැඳ දමා තිබෙන සමාජය හිර කරගෙන සිටින මිනිස් හැඟීම් ඉන් පිටත බලන්නට දක්වන නොසන්සුන් ආශාවය.
එක් අතකින් මේ වන විට කටාරය සිය සංක්‍රමණික සේවකයන්ගේ ජීවිතවලට දෙන අඩු තක්සේරුව ඔවුන්ගේ උද්ධච්ඡකම්වලින් පිට පනින වටදී තවත් පැත්තකින් ඉවානා සිය රෙද්දේ පටලා නීති සම්ප්‍රදායන් හිර කර මිරිකා දමා මානවීය හැඟීම් වෙත ආගමික බලපෑම්වල ඇති දුර කියාපාමින් සිටියි.නීතිය විසින් පනවන සීමාවන් බියවැද්දීමක් සහ පාලකයා කුමන තත්ත්වයකදී හෝ ඉවසන්නට පෙළඹීමක් බව ලෝකයට පමණක් නොව කටාරයේ ආගමෙන් පිට දැණුම පරිශීලණය කරන අයට ද දැනෙන්නට සහ හිතෙන්නට පටන්ගෙන ඇත.ඒ නිසා කටාරය වෙනස් කරන්නට අවශ්‍යය බවට කටාර්වාසීන්ට වෙන කවදාවකටත් වඩා තමන්ගේ රටේ ඇතුළතින් උදාහරණ හමුවන මොහොතක් බවට ලෝක කුසලානය පත්ව ඇත.සම්ප්‍රදායික ආගමික බලපෑම් බවට පත්ව ඇති නීති පද්ධතිය පාලකයාට නූතණ සමාජය හා ගලපන්නට අවශ්‍යය සමාජිය මැදිහත්වීම මේ හරහා ක්‍රියාත්මක වන්නට ඇති ඉඩක් ලෝක කුසලානය විසින් නිර්මාණය කර ඇත.
එසේම ලෝකයේ විශාලම ප්‍රේක්ෂක ආකර්ශණය සහිත ඉසව්ව වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පීඩාකාරී සහ තාර්කික නොවන බලපෑම් සහිත ආගමික සංස්කෘතියෙන් ගලවා ගැනීමේ සටන හරියටම භාවිතයට ගත්තේ ඉරානය ය.තරගාවලිය පරාජයට පත් වුව ද ඉරාන සමාජයේ කාන්තා නිදහස විශාල ජයග්‍රහණයක් කරා ගෙන යන්නට ඉරන පාපන්දු කණ්ඩායම ද විශාල දායකත්වයක් ලෝක කුසලාන පාපන්දු පිටියේදී දැක් වූ බව අමතක කළ නොහැකිය.
සැප්තැම්බර් මාසයේ දි ඉරානය තුළ දි 22 හැවිරිදි ආමින අත් අඩංගුවට පත්වන්නේ හිජාබය නො’පැළඳ සිටීමට වරදකාරියක් හැටියට සළකා ය.නමුත් ඇය සංස්කෘතික පොලිසියේ අත් අඩංගුවය ගැනීමෙන් පසුව අත් අඩංගුවේ සිටියදි මිය යන්නේය.එතෙක් වෙලා සිරව සිටි හැඟීම් තමන්ගේ ශරීරය,ඇඳුම සහ නිදහස ගැන සිතමින් දැඩි නීතිමය බාධකවලට එරෙහිව වීදිවල පිරෙන්නට විය.නමුත් ඒවා අභ්‍යන්තර ගැටුම් හැටියට ප්‍රවෘත්ති අවකාශ තුළ පිරෙද්දී ඒ ගැන දැන ගත්තේ ලෝකයෙන් සීමිත පිරිසකි.

ඊට රටේ විරෝධය හරියටම එකතු වුණේ ඉරන පාපන්දු කණ්ඩායම නිසාය.ඔවුන් කටාරයේ තැණුන ලෝකය ඉදිරියේ රටේ තියෙන විරෝධයේ යථාර්තය ප්‍රදර්ශනය කරන්නට තරම් එඩිතර විය.ඔවුන් ජාතික ගීයෙන් වැළකිණ.ලෝකයක් බලා සිටියදී වැයෙන ජාතික ගීය නොගයන ඉරානුවන් ගැන සහ මියුණු ආමිනි ගැන කතා නොකළ ලෝකයේ බොහෝ දෙන කතා කරන්නට විය.ඉරාන සංස්කෘතික දඟගෙයින් නික්මීමේ අවශ්‍යයතාවය ඇතුව ගොඩ නැඟුණු අකුරු හඬවල් තදින් ලෝකයට දැනෙන්නට විය.මේ තත්ත්වය මත තමන්ගේ සදාචාරවාදි නොවන මිනිස් හැඟිම්වලට සහ නිදහසට ඉඩ නොදෙන සංස්කෘතික පොලීසිය සපුරා හකුළා දමන්නට ඉරාන ආණ්ඩුවට සිඳු වී ඇත.හෙට ලෝකයට ඉරාන මංමාවත් දිග නවීන විලාසිතා සහත නිදහස් කාන්තාවන් ඇවිඳ යන විට එතැනට ඔවුන්ගේ ජීවිත පෙරළන්නට පාපන්දුව ද දායක වූ බව ඉතිහාසයේ ලියැවී තිබෙනු ඇත.


කටාරය පාපන්දු ලෝක කුසලානය හරහා ඉස්ලාම් අන්තවාදයේ පිම්මක් ලෝකය මත පතිත කරන්නට උත්සාහ කරමින් ඉන්දීය මුස්ලිම් අන්තවාදයේ වෛරී දේශකයෙක් වන නායික් වැන්නන් යොදවා මුස්ලිම් ආගම ව්‍යාප්ත්තියට උත්සාහ ගත්තත් අවසානයේ වූයේ කටාරයේ පමණක් නොව ඉරානයේ ද ආගමික බලහත්කාරයේ රෙදි ගැලවී යාමය.මානවවාදය යන්න ආගම්වාදයට වඩා මිනිසාට ජීවත් වීමට උදව් කරන බවය.ලෝකය පරණ කරන්නට උත්සාහ කළ කටාරයට සිඳු වූයේ කටාර්වාසීන්ට ලෝක කුසලානය හරහා වෙනදාට වඩා යම්කිසි හෝ නිදහසකින් ලෝකය දැක ගන්නට ඉඩ තැනීමය.ඉතිං ඒ මිනිසුන් අලුත් ලෝකයට කටාරය රැඟෙන ගොස් නිදහසේ හැඟීම් දැනීම් පුළුල් කරනු ඇත.ඒ වෙනුවෙන් පෙනී සිට සටන් කරනු ඇත.හිජාබය ගැලවී යාම ගැන මහත් ප්‍රබෝධයෙන් කතා කරන නිදහස ගැන කියන ‌බොහෝ ලාංකිකයන් සිටින්නේ හිජාබයටත් වඩා පහසුවෙන් අමතක කළ හැකි සාරි පොටක් බදාගෙන බව ද මෙහිදී අපි සිහියට නඟනෙමු.



RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි