×

ලොව ප්‍රීතිමත් රාජ්‍යයන් අතරේ පළමු තැන නැවතත් ෆින්ලන්තයට… ලංකාවේ අපි ?

ශ්‍රී ලංකාව සිටින්නේ 130 වන ස්ථානයේය.


ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රාජ්‍ය්‍යන් ලෙස සුප්‍රසිද්ධව ඇත්තේ ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන්ය. ඒ නිසාම ජීවත් වීමට මිනිසාට සුදුසුම රාජ්‍යයන් ඒවා බවට පත්වෙමින් පවතී, වාර්ෂිකව එළි දැක්වෙන් ලෝක සතුටු දර්ශක වාර්ථාව මෙම වසරේදීත් එිළිදක්වා ඇති අතර එම වාර්ථාවේ ඉහළින්ම ඇති රටවල් බවට මෙවරද පත්වී ඇත්තේ ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් 4කි.

එම වාර්ථාවට අනුව පසුගිය වසරේ මෙන්ම ෆින්ලන්තය මෙවරද ලොව ප්‍රීතිමත්ම ජනතාව ජීවත්වන රට බවට පත් වී ඇත. දෙවන ස්ථානයේ සිටින්නේ 2017 වසරේදී මෙම වාර්ථාට අනුව ලොව ප්‍රීතිමත්ම ජනතාව සිටින රට වූ  ඩෙන්මාර්කයයි. මෙවර වාර්ථාවේ තෙවන ස්ථානයේ පසුවන්නේ අයිස්ලන්ත ජනතාව වන අතර ඉන් පසු පිළිවලින් නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය. නවසිලන්තය, කැනඩාව සහ ඔස්ට්‍රියාව ලොව සතුටින්ම සිටින රාජ්‍ය්‍යන් 10 බවට නම් කර ඇත.

මෙම වාර්ථාවට අනුව ඇමරිකානු පුරවැසියන් ට හිමිවී ඇත්තේ 19 වන ස්ථානයයි. පසුගිය වසරේ ඔවුන් සිටියේ 18 වන ස්ථානෙයේය. එංගලන්තයට 15 වන ස්ථානය හිමිව ඇති අතර අයර්ලන්තය සහ පාකිස්ථානය ාව ප්‍රීතිමත්ම ජනතාව සිටින රාජ්‍යයන් අතරින් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව රාජ්‍ය්‍යන් 156 අතරින් පාකිස්ථානය 67 වන ස්ථානයට පැමිණ ඇත. මෙම වාාවට අනුව ඉන්දියානුවන් සිටින්නේ 140 වන ස්ථානයේය. ලොව දුක්බරම ජනනාව සිටින රාජ්‍යයන් ලෙස මෙම වාර්ථාවේ පහතින්ම සිටින්නේ දකුණූ සුඩානය සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවයි. ශ්‍රී ලංකාව සිටින්නේ 130 වන ස්ථානයේය.

සිවිල් යුද්ධ සහ වාර්ගික අර්බුධ විසින් මිනිසාගේ සතුට කෙතරම් පැහැර ගෙන ඇති දැයි මෙම වාර්ථාව විසින් මනාව පෙන්වා දී තිබුණද ජනතාව සතුින් සිටින්නට නම් රජයට ඇති කාර්ය භාරය විශාල බව සතුටින් සිටින රාජ්‍ය්‍යන් විසින් සනාථ කර ඇත. මුදල් හෝ ධනවත් රාජ්‍යයක් වූ සැනින් ජනතාවට සතුටින් සිටිමටද නොහැකිය.

සතුට මුදලට ගත නොහැක

Gallupසමීක්ෂණ ආයතනය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මෙම සමීක්ෂණයේදී මූලික සාධකයන් හයක් සදහා ජනතාව දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කරනු ලබයි. රටක දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගීතාව, ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සදහා ජනතාවට ඇති නිදහස, ත්‍යාගශීලිභාවය, සහ වංචා දූෂණ මට්ටම මෙම මූලික උපමානයන්ය.

ඉදිරියෙන්ම සිටින ෆින්ලන්ත වැසියන් මෙම සාධක අතරින් ඉහළින්ම සිටින අතර ත්‍යාගශීලි බව ඔවුන් සතු ඉහළම ගුණාංගය බව මෙම සමීක්ෂණයේ නිගමනයන් අතර වේ. ෆින්ලන්ත වැසියන්ගෙන් අඩක් පමණ නිතිපතා පුණ්‍ය කටයුතු සඳහා දායක යන බවට පිළිගෙන ඇත.

සතුටින් සිටින්නන් පිළිබද අන්තර්ජාතිකව සමීක්ෂණයන් සිදු කරනු ලබන Happiness Research Institute පවසන්නේ ස්කැන්ඩිනේවියානු රාජ්‍ය්‍යන් අතරේ ඉහළම දළ දේශිය නිෂ්පාදිතයත් පවතින රටක් නොවුනද ෆින්ලන්ත වැසියන් ලොව ප්‍රීතිමත්ම වැසියන් බවයි. එය පෞද්ගලික නිදහස, හා යහපත් සමාජ ක්‍රියාකාරකම් හී සමතුලිතතාව සදහා ඉඩ සැළසීම තුළ ගොඩ නැගී ඇති බවයි.එමෙන්ම තමන් ආරක්ෂිත ජනතාවක් බවට තමන්ට පවතින විශ්වාසයයි.

වඩා හොඳ ජීවිතයක් පිළිබදව දර්ෂකය වන OECD යෝජනා කරනු ලබන්නේ පුද්ගලික ආරක්ෂාව පිළිබදව හැඟීම යහපැවැත්ම පිළිබදව හැගීමට වඩා ඉහළින් පවතින බවයි. ෆින්ලන්ත වාසින්ට පරිසරය ප්‍රජාව සහ මහජන සේවා පිළිබද මනා ගැඟීමක් ඇති බවයි.

සැබවින්ම කිසිවෙකුටත් සතුට මුදලට ගත නොහැකි බව සනාථ කරමින් ඇමරිකා එක්සත් ජනපදය මෙම වාර්ථාවේ 18 වන ස්ථානයේ සිට 19 වන ස්ථානයට පැමිණ තිබේ. ලොව ඉහළම දළ දේශීය නිෂ්පාදිකය පවතින රාජ්‍ය වුවත් ලෝක සතුටු දර්ශකයේ පළමු රාජ්‍ය්‍යන් 10 අතර හෝ නැත.

ලෝක සතුටු දර්ශක වාර්ථාව පවසන්නේ රජයේ මැදිහත්වීමෙන් රජයේ නියෝජිතයන් මගින් ප්‍රජා කටයුතු වැඩි දියුණු කරන රටවල් හී ජනතාව ප්‍රීතිමත්ව සිටින බවයි. ප්‍රීතිමත් ජනතාවක් සිටින රාජ්‍යයන් වල ජනතාව ඒ ඒ රාජ්‍යයන් වල මැතිවරණයන්හීදී රජයන් වෙනස් කිරීමට ඡන්දය ලබා දෙන බව සදහන් කරයි. නමුත් රාජ්‍යයන් හී දේශපාලන බෙදීම් සහ සමාජ විශ්වාසය පිරහීමටත් සතුට අඩු කිරීමටතත් බලපානු ලබයි.

ප්‍රීතිමත්භාවයේ වඩාත් ශක්තිමත් වර්ධනයක් පෙන්වූ රාජ්‍යය වූයේ බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බෙනින් ය. එය දර්ශකයේ 102 වන ස්ථානයේ සිටින අතර නිකරගුවාව. බල්ගේරියාව, ලැට්වියාව සද ටෝගෝ යන රාජ්‍ය්‍යන් ඒ පසු පසින් වෙයි. මේ අතර අසතුටින් සිටින රාජ්‍ය්‍යන් බවට ඉතා සීග්‍රයෙන් පහත වැටී ඇති රාජ්‍යයන් වී ඇත්තේ වෙනිසියුලාව, සිරියාව,බොස්ට්වානා, ඉන්දියාව හා යේමනයයි.

දූෂණය මැඩපැවැත්වීම, සිවිල් ආරවුල් වළක්වා ගැනීම සහ මූලික මහජන සේවාවන් වැඩිදියුණු කිරීම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. නමුත් පුද්ගල නිදහස භුක්ති විඳීමට මිනිසුන්ට අවස්ථාව ලබා දීම සහ සිවිල් සමාජයට සහභාගී වීමට ඔවුන් දිරිමත් කිරීම ද එසේමය. මුදල් ඇත්ත වශයෙන්ම උපකාරී වන නමුත් එයින් පමණක් සිය ජනතාව වෙත සතුටක් ලබා ගත නොහැකි බව වාර්තාව පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි