×

ඉන්දියාවේ විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මරුට

වින්දිත්යන්ගෙන් බහුතරයක් ළමුන් ලෙස සැලකේ


සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(25)දිනයේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට්හි විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාව ඉහල යනු ඇති බව විශ්වාස කරන අතර රාජ්කොට් පොලිස් කොමසාරිස් රාජු භාර්ගවා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මේ වන විට සිරුරු 24 ක් සිවිල් රෝහල වෙත යවා ඇති අතර සමහර සිරුරු තවමත් ගොඩ ගනිමින් පවතින බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගෙන ඇත්තේ කුඩා ළමුන් සහ තරුණයන්ගෙන් පිරී ඉතිරී ගිය අවස්ථා වක දිය. වින්දිත්යන්ගෙන් බහුතරයක් ළමුන් ලෙස සැලකෙන අතර ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර තිබුණේ, දැඩි ලෙස පිළිස්සුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X වෙබ් අඩවියේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි