×

උතුරු චීනයේ වෙළඳපොලක ඇති වූ ගින්නක් හේතුවෙන් 8 දෙනෙකු මියයයි

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ උතුරු පළාතේ හෙබෙයි හි Zhangjiakou නගරයේ Liguang වෙළඳපොලේ ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතියි.

මෙම වෙළඳපොල 2011 දී විවෘත කරන ලද අතර පළතුරු සහ මුහුදු ආහාර සිට ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා විශාල පරාසයක භාණ්ඩ අලෙවි කරන අතර නිරන්තරයෙන් එය පාරිභෝගිකයන්ගෙන් පිරි පවතියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි