×

නිව් සවුත් වේල්ස් ජනපදයත් ගින්නට බිලි

දෙසැම්බර් 18 වැනිදා ඔස්ට්‍රේලියාවේ උණුසුම්ම දිනය ලෙස ඉතිහාසයට එක් විය. කුඩා නගරයක් වන ඌඩනාඩාටා (Oodnadatta) වෙතින් එදා වාර්තා වූයේ සෙල්සියස් අංශක 47 ක උෂ්ණත්වයකි!


ඌඩනාඩාටා නගරය පිහිටා තිබෙන්නේ දකුණු ඔස්ට්‍රේලියාවේ අඩිලෙයිඩ් නගරයට කිලෝමීටර 800 ක් පමණ දුරිනි.

මේ සමගම, ලෝකයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා කළ ස්ථානයක් ලෙස ද එය වාර්තා පොත්වලට එක් විය.

ගෙවී යන දිනවල බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇත. මේ අනුව 2013 ජනවාරි මස තැබුණු උෂ්ණත්වය මාපාංක වාර්තාව ද 2019 වසරේදී බිඳ වැටේ. 1950 දශකයේදී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ නරකම කාලගුණය සෙල්සියස් අංශක 50 ක උෂ්ණත්වයකි. නමුත් 2019 වසරේදී පෙර නොවු විරූ අවදානමක් ඇති වී  තිබේ.

A bushfire approaches homes on the outskirts of the town of Bargo Guardian

A bushfire approaches homes on the outskirts of the town of Bargo Guardian

එය නම්, හෙක්ටයාර මිලියන 3 ක් ගිනිබත් කළ ලැව්ගිනි අවදානම, මේ ඉහළ යන උෂ්ණත්වය සමග තව තවත් වැඩි වීමයි. දැඩි සුළං ධාරා විසින් ඔස්ට්‍රේලියාව තවදුරටත් ගිනි වද්දමින් තිබෙන්නේ එසේ ය.

Fire officials say the conditions are 'as bad as it gets' Guardian

Fire officials say the conditions are ‘as bad as it gets’ Guardian

දකුණු දිග ඔස්ට්‍රේලියාව මේ අසාමාන්‍ය කාලගුණික තත්වයට මුහුණ දුන්නේ අසාමාන්‍ය ලෙස උණුසුම් සහ දැඩි සේ වියළි ශීත සෘතුවේ ආරම්භයත් සමග ය.

අද දිනය (21) වන විට වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ජනපදයේ (NSW) හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ය.

මේ සමගම ගිනි ගැනීම් ඇතිකරන කුණාටු මෙම ජනපදයේ වර්ධනය වෙමින් තිබේ.

ප්‍රදේශවාසීන්ට නිවාස තුළට වී සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ජනපදයේ ඇතැම් ප්‍රදේශ සදහා ‘එළිමහන් ස්ථානවල ගිනි තැබීම සම්පූර්ණයෙන් තහනම්‘ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි