×

චීනයෙන් පිටත පළමු කොරෝනා මරණය පිලිපීනයෙන්

මේ වන විට වාර්ථා වන මරණ සංඛ්‍යාව 300 ඉක්මවයි, ආසාදිතයින් 14000 ක්


 

කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 300 ඉක්මවන අතර ඒ හේතුවෙන් මිය ගිය චීනයෙන් පිටත පළමු රෝගියා පිලිපීනයෙන් වාර්ථා වේ.

ඔහු 44 හැවිරිදි චීන ජාතිකයෙකු වන අතර චීනයේ හුබෙයි පළාතේ වැසියෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පිලිීනයට පැමිණීමට පෙර ඔහු මෙම වෛරසය ආසාදනය වී පැමිණ ඇති බවයි.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 14000කට අධික පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වූවන් ලෙස හදුනාගෙන ඇත.

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් වැඩි ගණනක් චීනයෙන් විදේශිකයන් පැමිණීම තහනම් කර ඇති අතර විදෙස් රටවල සංචාරය කර පරමිණෙන සිය පුරවැසියන් හට නිරෝධායනය අත්‍යවශ්‍ය බව එම රටවල් විසින් අනිවාර්ය කර ඇත.

ලොව පුරා මෙම වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී රටවල් විශාල සංඛ්‍යාවක ව්‍යාප්ත වූ සාර්ස් වසංගතය අභිබවා ගොස් ඇතත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ අනුපාතය ඊට වඩා බෙහෙවින් අඩු බැවින් එය සාර්ස් තරම් මාරාන්තික නොවනු ඇති බව විශේෂඥ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි