×

කොරෝනාව ඇමරිකාවත් තැතිගන්වමින් පළමු මරණය වාර්තා වෙයි!

චීනයට පසු මෙම මාරාන්තික වෛරසයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ ඉරානයටය.


කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමරිකාවේ වොෂින්ටනයෙන් පළමු මරණය වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි තැනැත්තෙකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ තවදුරටත් ආසාදිතයින් වාර්තා විය හැකි වුවත් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින බවයි.

අද දවස වන විට ඔස්ට්‍රේලියාව සහ තායිලන්තයෙන්ද කොරෝනා ආසාදනයෙන් මරණ වාර්තා වී ඇති අතර පසුගිය මස ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේදීද 78 හැවිරිදි ඔස්ට්‍රේලියානුවෙක් මෙම මාරාන්තික වෛරසය නිසා මිය ගොස් තිබුණි.

තායිලන්තයේ මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 42ක් වාර්තා වී තිබෙන අතර 35 හැවිරිදි තැනැත්තෙක් ඩෙංගු රෝගී තත්ත්වයෙන් මිය ගොස් තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඇමරිකාව තුළ කොවිඩ් 19 වෛරසය අසාදනය වූවන් 62 වාර්තා වී ඇති බව සඳහන්.

මීට පෙර චීනයේ වුහාන් හිදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකානුවෙකු මිය ගොස් තිබුණි.

මෙම මාරාන්තික වෛරසය ඇමරිකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා සංචාරක තහනම් පනවා තිබෙන අතර විශේෂයෙන් දැඩි අවධානමක් තිබෙන ඉරානයට පනවා තිබෙන සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඇමරිකාව කටයුතු කර තිබේ.

චීනයට පසු මෙම මාරාන්තික වෛරසයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ ඉරානයටය.

අෂිකා බ්‍රහ්මණ (LNW)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි