×

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ධුරයට පත්වූ පළමු කාන්තාව මිය යයි

.


එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ධුරයට පත්වූ පළමු කාන්තාව ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිනියක වන සදාකෝ ඔගාටා ඇයට වයස අවුරුදු 92 දී මිය ගියාය.

සදාකෝ ඔගාටා 1991 සිට 2000 දක්වා සිය සේවා කාලය තුළ දශකයේ විශාලතම සරණාගත අර්බුදයන් පිළිබඳව කටයුතු කළාය.

1991 ගල්ෆ් යුද්ධයේදී සහ බෝල්කන් යුද්ධයේදී ඉරාකයෙන් පලා යන කුර්දි සරණාගතයින්ට සහය දීම ඈ මඅහඅණ දුන් අභියෝගවලට ඇතුළත් විය.
“අනාරක්‍ෂිත සහ නෙරපා හරින ලද” අයව ආරක්ෂා කිරීමට ඈ තුළ වූ අතිමහත් කැපවීම නිසා ඈ සුප්‍රසිද්ධ කාන්තාවක විය.

සදාකෝ ඔගාටා 1927 දී ටෝකියෝ හි දී උපත ලැබූ අතර ඇගේ පියා , ජපාන තානාපති වරයෙකු විය.

එමෙන්ම ඇය 1932 දී රාජ්‍ය කුමන්ත්‍රණයකදී  ඝාතනය කරන ලද හිටපු ජපාන අගමැති සුයෝෂි ඉනුකායිගේ මිණිබිරිය ද වෙයි.

වොෂිංටන් ඩීසී හි ජෝජ්ටවුන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ බර්ක්ලිහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් ඇය

එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳීමට පෙර ඇය 1989 සිට ටෝකියෝහි සොෆියා විශ්ව විද්‍යාලයේ විදේශ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරියක ලෙස සේවය කළාය.

1991 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (යූඑන්එච්සීආර්) ලෙස පත් කළ පළමු කාන්තාව, මෙන්ම පළමු ජපන් ජාතිකයාද ඇය විය.

සිය රැකියාව ආරම්භ කර සති කිහිපයක් ඇතුළත ඇයට 1990 දශකයේ විශාලතම අර්බුදයකට මුහුණ දීමට සිදු විය – ගල්ෆ් යුද්ධයෙන් පසු මිලියන ගණනක් කුර්දි සරණාගතයින් ඉරානයට පලා යෑම පිළීබදව කටයුතු කරන්නට ඇයට සිදු විමයි.

2005 දී ජපන් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඇය පැවසුවේ, “මම කාර්යාලයට ගිය පසු සිදු වූ දෙය ලෝකයේ සිදුවනු ඇතැයි සැවොම සිතන දෙයට වඩා බෙහෙවින් වෙනස් ය. යනිනයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි