×

චෙන්නායි වියැළෙයි- දිනකට ජල ලීටර් මිලියන 10ක් දුම්රියෙන් ගෙනෙයි

-----------


අද උදෑසන තමිල්නාඩුවේ වෙල්ලෝරයේ සිට චෙන්නායි වෙත ලීටර් 50,000ක් රැගත් ජලය රැගත් දුම්රිය පිටත් විය. ඒ මේ මෙහොත වන විට චෙන්නායි නගරය යනු ජලය බිදක් හෝ නොමැති නගරයක් බවට පත්ව තිබීම හේතුවෙනි. ජනතාවගේ ජල අවශ්‍යතාව ඉටු කිරීමට ජලය වෙනත් නගර වලින් ගෙන්වීම මේත් සමග ආරම්භ විය. චෙන්නායි පාලන අධිකාරිය තීණය කර ඇත්තේ දිනකට ජලය ලීටර් මිලියන 10ක් අවශ්‍ය වනු ඇති බවයි. එමෙන්ම ජලය ප්‍රවාහනයට අවශ්‍ය බවුසර සහිත දුම්රිය ප්‍රමාණය මත තවත් වැඩි ප්‍රමාණයක් ජලය චෙන්නායි වෙත ගෙන ඒමට සිදු වනු ඇති බව පැවසේ.


සෑම ගමන් වාරයක් සදහාම දුම්රිය දෙපාර්තු මේන්තුව චෙන්නායි පාලනයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 7.5ක් අය කරනු ඇති අතර මේ සදහා තමිල්නාඩු රජය වැය කිරීමට සූදානම් වන මුදල ඉන්දීය රුපියල් කෝටි 65කි.


නමුත් චෙන්නායි හී සියලු ජනතාවගේ ජල අවශ්‍යතාව සපිරෙනු ඇතිදැයි යන්න් සැක සහිත බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි