×

Wonder Woman 1984 පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ!

ගැල් ගැඩොට් නොහොත් Wonder Woman ලෝකය බේරා ගැනීම සඳහා නැවත රිඳී තිරයට පැමිණේ - නමුත් මෙවර ඇය පළමුවන ලෝක සංග්‍රාමයේ මිත්‍ර පාක්ෂිකයන් සමඟ සටන් නොකරයි.


ගැල් ගැඩොට් නොහොත් Wonder Woman ලෝකය බේරා ගැනීම සඳහා නැවත රිඳී තිරයට පැමිණේ – නමුත් මෙවර ඇය පළමුවන ලෝක සංග්‍රාමයේ මිත්‍ර පාක්ෂිකයන් සමඟ සටන් නොකරයි.

Wonder Woman 1984 හි පළමු පූර්ව ප්‍රචාරක පටය සුපිරි වීරයාව විශාල කොණ්ඩා විලාසිතා, ආවේණික සංගීතඥයන් යන් සහ ගෝස්ට්බස්ටර්ස් සිටි දශකයකට රැගෙන ගිය බවක් පෙන්වයි. තව දුරටත් කියතොත් සීතල යුද්ධය පැවන්තුණු මේ දශකය තුළ Wonder Woman 1984 කථාව ගෙත්තම් කර ඇත . ගැල් ගඩොට් බ්‍රසීලයේ කොමික්-කොන් හි රැස්ව සිටි පිරිසක් අමතමින් පැවසුවේ Wonder Woman 1984 චිත්‍රපටයේ Wonder Woman “තරමක් තනිකම විදිමින්, ඇයට වසර ගණනාවක් තිස්සේ ඇගේ සියලු මිතුරියන් අහිමි වී ඇති අතර ඇය කළ යුතු දේ ඇය කරමින් සිටින” බවයි.

වෝර්නර් බ්‍රදර්ස් මෙවර අනුප්‍රාප්තිකය පිළිබඳ වැඩි විස්තර නිකුත් කර නැත, නමුත් ඔවුන් විසින් රසිකයන් අපේක්ෂා කළ යුතු දේ පිළිබඳ මෙම එක් පේළියේ සාරාංශයක් ඉදිරිපත් කළේය: “ඩයනා ප්‍රින්ස් 1980 දශකයේ සීතල යුද්ධයේදී සෝවියට් සංගමය සමඟ ගැටුමකට එළබෙන අතර එහිදී ඇයට Cheetah නම් බලවත් සතුරා මුණගැසෙයි. ”

DC Comics හි Cheetah ලෙස හැඳින්වෙන්නේ Wonder Woman පුරාවෘතයන්ගෙන් එකක් වන අතර, එය මුලින්ම පෙනී සිටියේ 1943 දී Wonder Woman # 6 හි ය. Cheetah Wonder Woman සමඟ සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි. Cheetah චරිතයට පණ පොවන්නේ හිටපු Saturday Night Live සාමාජික ක්‍රිස්ටන් විග් විසිනි.

Wonder Woman 1984 DC Comics හී නවවන පිවිසුම සනිටුහන් කරන අතර, මේ වසර මුලදී එලිදැක්වුණු Shazam සහ 2018 දී එළි දැක්වුණු Aquamanට පසුව එළි දැක්වෙයි.මෙම චිත්‍රපටයේ ගැඩොට් සමඟ විග්, පේද්‍රෝ පැස්කල් සහ ක්‍රිස් පයින් රංගනයෙන් දායක වේ. Wonder Woman 1984 චිත්‍රපටය Wonder Woman පෙනී සිටින 4 වන චිත්‍රපටයයි. අනෙක් 3 නම් Batman v Superman: Dawn of Justice, පළමු Wonder Woman චිත්‍රපටය, හා Justice League චිත්‍රපටය වේ.

ඉදින් Wonder Woman 1984 2020 ජූනි 5 තිරගත වීම ආරම්භවීමට නියමිතය.

[embedyt] https://youtu.be/sfM7_JLk-84[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි