×

යෙමනයේ මුස්ලිම් පල්ලියකට ගුවන් ප්‍රහාර! සවුදිය යුද්ධයකට මුලපුරයි ද?

යෙමනයේ මුස්ලිම් පල්ලියකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.


යෙමනයේ හවුති දේශපාලන ව්‍යාපාරය අද (23) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔම්රාන් පළාතේ සවුදි-හිතවාදී සන්නද්ධ කල්ලීන් විසින් යෙමනයේ මුස්ලිම් පල්ලියකට ගුවන් ප්‍රහාර දියත් කොට ඇති බවයි. 

හවුති-මූලික අල්-මසිරාහ් පුවත් සේවය වාරතා කර තිබූ අන්දමට, මෙම සන්නද්ධ කල්ලි යෙමනයේ මුස්ලිම් පල්ලියකට එල්ල කළ ගවන් ප්‍රහාරයෙන් එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයට පසු කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයම් මේ වන විට දියත් වෙමින් පවතී. 

ඉරාන හිතවාදීන් යැයි පැවසෙන හවුති කණ්ඩායම් පවසන්නේ මෙම පහාරය දියත් කරනු ලැබූ කණ්ඩායම සවුදි අරාබි හිතවාදීන් බවයි.

කෙසේවෙතත්, සවුදි අරාබියෙන් මේ වන තුරු මේ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා නැති බවද එම පුවත් සේවය වාර්තා කරයි.

මීට පෙර සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගෝලීය බලශක්ති සැපයුම් දාමයට ප්‍රභල බලපෑමක් එල්ල වූ අතර, ජාත්‍යන්තර ප්‍රජාවෙන් මතුවූ විවිධ තර්ක විතර්ක මධ්‍යයේ යෙමනයේ හවුතිවරුන් ප්‍රහාරයේ වගකීම භාරගන්නා ලදී. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි