×

ඉරාක – සිරියානු දේශසීමාවේ ත්‍රස්ත කල්ලි මර්දනය දිගටම!

ඉරාක - සිරියානු දේශසීමාවේ දිගින් දිගටම සිදුවන මෙම ත්‍රස්ත කල්ලි මර්දනය පිළිබඳ ඊශ්‍රායල රජය තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත.


අද (19) දින උදෑසන ඉරාක – සිරියානු දේශසීමාව අසලදී සන්නද්ධ අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත කල්ලි සාමාජිකයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මිය ගිය ත්‍රස්ත සාමාජිකයන් ඉරානයට සම්බන්ධ බවට වාර්තා වේ.

මීට පෙර පැවති විදෙස් වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් මස 17 වන දින ඉරාක – සිරියානු දේශසීමාව අසල ෂියා ත්‍රස්ත කල්ලි වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට සන්නද්ධ අංශ සමත් වූ අතර, ඒ එම කලාපයේ අවිජාවාරම් සිදුවන බවට ප්‍රසිද්ධ අල්-බුක්මාල් නැමති ප්‍රදේශයට යි.

අද දින උදෑසන එල්ල කළ ප්‍රහාරයෙන් ත්‍රස්ත කල්ලි සාමාජිකයන්  5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 9 දෙනෙකු තුවාල ලබා ඇත. 

මෙම ප්‍රහාරය සිදුකරන ලද්දේ ද ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් යැයි විවිධ වාර්තා පළවූවද, ඊශ්‍රායල රජය මේ සම්බන්ධව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි