ඉස්තාන්බුල් හි සවුදි කොන්සියුලර් කාර්යාලයේදී කෘෘර අන්දමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.
කෙසේ වෙතත්, මෙම මරණයට සම්බන්ධ යැයි කියන සවුදි ඔටුන්න හිමි කුමරු ගේ උපදේශකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අදාල චෝදනා වලින් නිදහස් වී තිබිණි.
2018 ඔක්තෝබර් මස සිදුවූ ජමාල් කෂෝගි ඝාතනය ජාත්‍යන්තර මට්ටමින් සෞදි අරාබියට එරෙහි ප්‍රභල විවේචනයක් එල්ල කිරීමට සමත් වී තිබිණි.
සෞදි ඔටුන්න හිමි කුමරු අනුගමනය කළ විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ක්‍රියා පිලිවෙත තුළ මෙම මරණයට වග කිව යුත්තේ සෞදි රජය බවට චෝදනා ගොනුවී තිබිණි.
වර්ජිනියාවේ විසූ කෂෝගි නැවත විවාහ ගිවිස ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමින් සිය ලියකියවිලි භාර දීමට සෞදි කොන්සියුලර් කාර්යාලයට පැමිණියේය.
එම මොහොතේ ඔහුව ඝාතනයට ලක්විණි.
ඔහුගේ සිරුරේ කොටස් පවා සොයා ගැනීමට හැකිවූයේ නැත.