×

අඩුවෙන් මාංශ වැඩියෙන් එළවළු ආහාරයට ගෙන තවත් බිලියන 10ක් සමග ආහාර බෙදා ගමු.

මෙම ආහාර වේලේදී වඩාත් අවධානය යොමු කර ඇත්තේ රනිල භෝග වෙතයි.


පරිසරයද සුරකින අතර තවත් මිනිසුන් බිලියන 10ක් පෝෂණය කරමින් ඉතා පෝෂදායී ආහාර වේලක් සකසා ගැනීමේ ක්‍රමවේදයක් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් හදුන්වා දී ඇත.

කාලයක් තිස්සේ විවිධ පුද්ගල කණ්ඩායම් විසින් මෙවැනි ආහාර වේලක් පිළිබදව විවිධ සැළසුම් ඉදිරිපත් කරමින් සිටියද ඒ සදහා ඉතාමත් සුදුසු ක්‍රමවේදය සොයගෙැනීමට දැන් හැකියාව ලබී තිබේ.

“the planetary health diet” එය සම්පූර්ණයෙන්ම මාංශ වලින් තොරවූවක් නොවේ. කිරි ආහාර මාංශ මෙන්ම රනිල ආහාරද මෙයට අයත් වේ.

නමුත් මෙම ආහාර වේලේදී වඩාත් අවධානය යොමු කර ඇත්තේ රනිල භෝග වෙතයි.

මේ සදහා අපේ සාමාන්‍ය ආහාර වේලෙහි සිදු කළ යුතු වෙනස්කම් මොනවාද?
ඔබ සෑම දිනකම මාංශ අනුභව කරන්නේනම් එය වෙන්ස කර සතියකට වරක් හෝ මසකට වරක් රතු පැහැ මාංශ අනුභව ක හැකිය.එමෙන්ම මාළුද සතියකට වරක් මාංශ මෙන්ම අනුභව කරන්නට ඔබට හැකිය. මෙතෙක් ගත් මාංශ වෙනුවට දිනපතා හදුන්වා දෙන්නේ රනිල භෝග වර්ගයි.
එමෙන්ම ගන්නා සෑම ආහාර වේලක්ම පළතුරු හා එළවළු වලින්ද සමන්විත වන්නේය.

විස්තරාත්මකව
කජු ආමන්ඩ් ආදී ඇට වර්ග දිනකට ග්‍රෑම් 50ක්
බොංචි ඇට, කඩල ඇට, පරිප්පු, ආදී රනිල භෝග දිනකට ග්‍රෑම් 75ක්
මාළු දිනකය ග්‍රෑම් 28ක්
බිත්තර දිනකට ග්‍රෑම් 13ක්
මස් – රතු පැහැ මාශ ග්‍රෑම් 14ක් කුකුල් මස් ග්‍රෑම් 28
සහල් ග්‍රෑම් 232
කිරි ආහාර ග්‍රෑම් 250ක්
එළවළු ග්‍රෑම් 300ක් සහ පළතුරු ග්‍රෑම් 200ක්

ආදී ප්‍රමාණවලින් ආහාර ගැනීමට උත්සහා කළ යුතු වේ.

අප තවත් මිලියන 10ක් වෙනුවෙන් අපේ ආහාර පාලනය කළ යුත්තේ ඇයි.

මේ වන විට ලෝකයේ වැඩි වන ජනගහනය 2011 වන විට බිලියන 7ක සිට බිලියන 7.7 දක්වා වැඩි වී තිබේ. මෙය 2050වන විට බිලියන 10ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමීක්ෂණ වලින් පෙන්වා දෙන පරිදි ඉහත සදහන් පරිදි නවීන ආහාර රටාවට අප පුරුදු වුවහොත් වාර්ෂිකව කුස ගින්නේ මිය යන මිලියන 11ක පිරිසක් බේරා ගැනීමට හැකි වේ.
එපමණක් නොව මෙම ක්‍රමය මගින් මේ වන විට වැරදි ආහාර රටාවන් නිසා මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ලෙඩ රෝග වන හදවත් රෝග, පිළිකා, ආඝාතය වැනි රෝග බෙහෝමයකින් වැළකී සිටීමට හැකි වේ.
මෙම ආහාර ක්‍රමය හේතුවෙන් පුද්ගලයන්ගේසෞඛ්‍ය පමණක් නොව පරිසරය රැක ගැනීමටද හැකි වන බව විශේෂඥයින්ගේ මතයයි.

එමගින්
හරිතාගාර වායු විමෝචනය අවම කරනු ලබයි.
අභාවයට යමින් පවතින ස්වභාවික සම්පත් රැක ගනී.
වගා කිරීම සදහා ස්වභාවිත භූමි වලින් ඉඩ වෙන් කර ගැනීමට අවශ්‍ය නොවේ.
ජලය පිරිමසා ගත හැකි වේ.

සම්පූර්ණ ලෙසම මාංශ වලින් තොරවූ ආහාර රටාවකය යෑමට මිනිසාට හැකි වේ නම් හරිතාගාර වායූන් පිටවීම වඩාත් අවම කර ගත හැකි වේ . කෙසේ වෙතත් මෙවැනි ආහාර රටාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යව පවතින්නේ අනාගතයේ වැඩිවන මිනිස් ජනගහනය කුස ගින්නේ මිය යෑමෙන් වැළැක් වීම සදහා මෙන්ම පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍යව ඇති නිසාවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි