×

Heathrow හි ගුවන් ගමන් යළි ඇරඹේ!

ඊයේ (21) දින එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අසල කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ඇණහිට තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කෙරුණ බව වාර්තා වේ.


රෂිකා හෙන්නායක මාර්තු 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ (21) දින එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අසල කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ඇණහිට තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කෙරුණ බව වාර්තා වේ.

හිත්‍රෝ ගුවන් තොටුපළ ආසන්නයේ කම්හලක ඇති වූ ගින්න හේතුවෙන් යුරෝපයේ රටවල් රැසකට ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් අත්හිටුවීමට හිත්‍රෝ ගුවන් තොටුපළ කටයුතු කළ අතර, ගුවන් මගීන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පීඩාවට පත්වූ බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ වන විට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙන අතර, හිත්‍රෝ ගුවන් තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරී තෝමස් වොල්ඩ්බයි ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළ වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට ගුවන් තොටුපළ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරු කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි