×

ඉන්දියාවේ ගංවතුරකින් 11ක් මරුට!

මියගිය 11 දෙනා අතරින් පස්දෙනෙකු ගංවතුර තත්ත්වයත් සමඟ බිත්තියක් ඇඟමතට කඩා වැටීම නිසා ජීවිතක්ෂයට පත්වී ඇත.


අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බටහිර ඉන්දියාවේ නගරයක් වන පූනේ සහ එහි අසල්වැසි ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් හය දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට 28,000 කට අධික පිරිසක් පහත් බිම් ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර ඉදිරි වර්ෂා තත්ත්වයන් පිළිබඳ පළාත් පාලන ආයතන අවධානයෙන් පසුවෙයි.

ඉන්දියාවේ මුම්බායි හි මූල්‍ය කේන්ද්‍රස්ථානයට කිලෝමීටර් 200 ක් පමණ නැගෙනහිරින් පිහිටි පූනේහි ජුනි මස මුල් සමයේ සිට මෝසම් වර්ෂා ඇතිවූ අතර, එතැන් පටන් සාමාන්‍යයට මට්ටමට වඩා වර්ෂාපතනය 113% කින් ඉහල ගොස් තිබේ. 

මියගිය 11 දෙනා අතරින් පස්දෙනෙකු ගංවතුර තත්ත්වයත් සමඟ බිත්තියක් ඇඟමතට කඩා වැටීම නිසා ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි