×

නිවාස ද සිහින ද අහිමිව දිය මත ගෙවන පාකිස්ථානු ජීවිත- මිය ගිය සංඛ්‍යාව 1200 ඉක්මවයි.

ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ආහාර, ජලය මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ඖෂධවල දැඩි හිඟයක් පවතින අතර බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා ආධාර බෙදා හැරීම ද මන්දගාමීව ඇත.


පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 1200කට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්ථානු නිල සංඛ්‍යාලේඛණ වාර්තා තොරතුරු දක්වයි.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මහලේකම් පාකිස්ථානයට ආධාර කරන ලෙස ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටි අතර ඊට සාපේක්ෂව රටවල් බොහෝමයක් සිය දායකත්වය හා ආධාර ලබා දෙන බවට එකඟ විය. කෙසේ නමුත් ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ආහාර, ජලය මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ඖෂධවල දැඩි හිඟයක් පවතින අතර බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා ආධාර බෙදා හැරීම ද මන්දගාමීව ඇත.

ගංවතුර හේතුවෙන් දකුණු සින්ද් පළාත දැඩි ලෙස හානි වී ඇති අතර නොනවතින වර්ෂාව හේතුවෙන් ගංඟා ජලය තවදුරටත් ඉහළ යමින් ඇත. ඉන්ඳු ගඟේ ජලය ගම්මාන සිය දහසක් බලා ගමන්කරමින් සිටියි. මේ හේතුවෙන් පාකිස්ථානුවන් මිලියන හතරෙන් එකකගේ ජීවිත අනතුරේ වැටී පවතියි. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන නමුත් සමහර ස්ථානවල ජලය අඩි අටක් ගැඹුරින් පවතින අතර අඛණ්ඩව ඉහළ යමින් පවතී.

පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් කෘෂි කාර්මික ජීවිතයන්ට හුරු සිටි පිරිස් වන අතර ඔවුන්ගේ ඉඩකඩම් මෙන්ම නිවාස ද විනාශව ඇත. මේ දුක් වේදනා අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. සැබැවින්ම මෙහි තැන තැන ඇත්තේ බලාපොරොත්තු රහිත ජීවිතය.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : ”පාකිස්ථානය වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න” -එක්සත් ජාතීන්ගේ මහ ලේකම්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි