×

ටෝකියෝවලට බැරිනං ඔලිම්පික් උළෙල අපිට දෙන්න – ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ඉල්ලීමක්

ටෝකියෝ සත්කාරකත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාවක් නොමැති නම් සත්කාරකත්වය දැරීම සඳහා තමන් සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ‍ෆ්ලොරිඩා ප්‍රාන්තය පවසනවා.


පසුගිය වසරේ මැද භාගයේදී ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිතව තිබූ, ලොව අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය වන ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙල මේ වසරේ ජුලි මාසය දක්වා කල්දැමීමට සිදු විය.

ඒ ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙනි.

කල්දැමූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන ජූලි මස 23 වැනිදා ආරම්භවීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් දැනට ලැබෙන වාර්තාවලට අනුව නම් අදාල දිනයේදී ඔලිම්පික් උළෙල ආරම්භ කිරීම අවිනිශ්චිත පවතිනවා.

මේ අතර ටෝකියෝ සත්කාරකත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාවක් නොමැති නම් සත්කාරකත්වය දැරීම සඳහා තමන් සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ‍ෆ්ලොරිඩා ප්‍රාන්තය පවසනවා.

එම ප්‍රාන්තයේ ප්‍රධාන මුල්‍ය නිළධාරීවරයා විසින් ජාත්‍යන්තර ඔලිම්පික කමිටුවේ ප්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් ඔලිම්පික් ‍උළෙල පැවැත්වීමේ අවස්ථාව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ ටෝකියෝ නගරයේ සත්කාරකත්වය අහිමි කිරීමට හෝ වෙනත් නගරයකට සත්කාරකත්වය ලබාදීමට හෝ මේ දක්වා තීරණය කර නොමැති බවයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි