ජිසෘන් සහ අසීර් සෞදි අරාබියේ දකුණු පළාතේ පිහිටි ප්‍රදේශ දෙකකි. මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට තමන් සිටින්නේ මැද පෙරදිග රටකදැයි නොසිතෙන තරමට එම ප්‍රදේශ යන් වෙනස් සංස්කෘතියකින් යුක්ත වේ.
වසර සිය ගණනක් ඈතට දිවෙන ඉතිහාසයක්ද සමගින් පැවත එන තිහමා සහ අසීර් ගෝත්‍රයන් දෙක ජීවත් වන්නේ මෙම ප්‍රදේශ වලය. සාමාන්‍යයෙන් මැද පෙරදිග රටවලදී වර්ණවත් ඇදුම් පැළදුම් හැද ගත් රට කාන්තාවන් සහ පුරුෂයන් දැක ගත හැක්කේ ඉතාමත් මද වශයෙනි. සුදු සහ කළු පැහැයෙන් යුතු ඇදුම් ආයිතතම් ඔවුන්ගේ සංස්කෘතියේ කොටස්ය.
නමුත් තිහාමා සහ අසීර් ගෝත්‍රයන් ඊට හාත්පසින්ම වෙනස් සංස්කෘතියකට උරුමකම් කියුන්නෝය. එහි ගිය විට අපට සිතෙන්නේ උතුරු ඉන්දියාවේ ජනතාවක් සෞද් අරාබියට පැමිණ සිටින ලෙසිනි.
තිහාම් සහ අසීර් ගෝත්‍රයට අයත් පිරිමීන් සෑම අයෙක්ම පාහේ හිසෙහි රදවාගෙන සිටින මල් ඔටුනු ඔවුන්ටම කියා නිර්මාණය වුණ අපූරු සුන්දරත්වයක් එක් කර ඇත. සාමාන්‍යායන් මල් හිස පළදන්නේ කාන්තාවන් වුවද මෙම දකුණු සෞද්යේ තිහාම් සහ අසීර් පෙළපත් වාසීන් අතරෙහිනම් මල් පළදන්නේ පිරිමින් විසින්.
මීට වසර 20කට පෙරනම් මොවුන් සම්පූර්ණයෙන්ම හුදෙකලා මිනිසුන් පිරිසක් විය. ඔවුන්ට විදුලිය හෝ දියුණු මාර්ග තිබුණේද නැත. ඒ සියල්ල ඔවුන්ට ලැබුණේ මේ මෑතකදීය. කෙසේ වෙතත් ඔවුන් පාලනය වන්නේද සාමාන්‍ය අරාබි නීතියෙන්ද නොව ඔවුන්ටම කියා පවතින ගෝත්‍රික නීතියක් මගිනි.
අද වන විටද ඔවුන්ව බැහැ දකින්නට එන පිරිසට මුහුණ දීමට වැඩි කැමැත්තක් නොදක්වන ඔවුහු හැකිතාක් හුදෙකලා වන්නට උත්සහා ගනිති. හැකිතාක් සාමකාමීව සිටීම ඔවුන්ගේ අරමුණයි.
මත් පැලෑටියක් වන කාට් පැළෑටිය (Khat හෝ qat) වැවීමට නීතියෙන් අවසර ඇති සෞදි අරාබියේ එකම ප්‍රදේශය හෝ පිරිස වන්නේද ඔවුන්ය. ඔවුන් හැරුණ විට කවුරුන්හෝ එකී මත් පැළැටිය ළග තබා ගතහොත් හෝ භාවිතා කළහෝත් ඔවුන්ට එරෙහි නීතියෙන් මරණ දඩුවම ලබා දීම නියමය වෙයි.
සිය සාම්ප්‍රදායික ජීවන රටාවේ ඉහළම චාරිත්‍රය ලෙස හිස මල් පැළදීම කරන මෙම ගෝත්‍රයේ පුරුෂයන් ඒ වෙනුවෙන්ම විය හියදම් කරයි. වෙහෙසෙයි.
යේමනය දක්වා දිවෙන ඔවුන්ගේ පෙළපතට අයත් මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් සිටී. යුද්ධයෙන් බැට කෑමට ඔවුන්ටද සිදු වීම ඊට එක් හේතුවක් වී ඇත.
ලස්සනම ගැන පමණක් නොව සිය නිරෝගී බව රැක ගැනීමද ඔවුන් මෙසේ මල් හිස පැළදීමේ එක් අරමුණකි. උළුහාල් ශාකයේ මල් , දාස්පෙතියා මල් ,බැසිල් ශාකයේ මල් මේ ආදී ඖෂධ පෑලෑටි වල මල් ඔවුහු බෙහෝ විට හිස පළදිති.
හිසට පමණක් නොව මින් පෙර ඔවුන් පයට පැළැන්දේද ශාක කොටස් වලින් නිපදවූ පාවහන්ය. ඇතැම් වැඩි හිටි පිරිස් අතර මෙය දනද දැක ගත හැකි වෙයි. විවිධ ඉදිකිරීම් මෙන්ම පහසුකම් ලැබෙන විට කල් යද්දී ඔවුන් බෙහෝමයක් අතරින් මෙම පා පළදනා ගිලිහී ගෝස් ඇත.
තමන්ටම කියා හිමි වූ සංස්කෘතියක් රැක ගනිමින් හුදෙකලාවේ වසන්නට කැමති මෙම මල් කුමාරයන් ගේ ජීවිත කථාව කියැවෙන මෙම ඡායාරූප පෙළ අල්ජසීරා පුවත් සේවය විසින් පළ කර තිබූ විශේෂාංග ලිපියක පළ කර තිබූණකි.