2022 කටාර් ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවෙන් වැඩි සහභාගීත්වයක්
ලෝක කුසලාන තරඟය වෙනුවෙන් මෙතෙක් අළෙවි කරන ලද ප්‍රවේශපත් මිලියන 1.8 න් 23,500 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ රසිකයින් විසින් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
පාපන්දු ලොව විශ්මය 2022 කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන තරඟය වෙනුවෙන් මෙතෙක් අළෙවි කරන ලද ප්‍රවේශපත් මිලියන 1.8 න් 23,500 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ රසිකයින් විසින් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දියාව ප්‍රවේශපත්‍ර අලෙවියෙන් හත්වැනි ස්ථානයට පැමිණ ඇත.
ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාව එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවේ. ඔවුන් කිසි දිනක ලෝක කුසලානයට ක්‍රීඩා කර නැත. ඔවුන්ගේ කාන්තා පාපන්දු කාන්තා කණ්ඩායම 58 වැනි ස්ථානයේ සිටින සහ පිරිමි කණ්ඩායම 104 වැනි ස්ථානයේ ශ්‍රේණිගත කිරීම්වල සිටියි. එවන් තත්වයක් තුළ ක්‍රීඩා ලෝලීන් මෙතරම් විශාල සංඛ්‍යාවකින් ලොව විශාලතම ක්‍රීඩා ඉසව්වට සම්බන්ධ වීම පුදුම සහගතය. ඒ අනුව ඉන්දියාවේ පාපන්දු ලෝලීන් සංඛ්‍යාව මිලියන 160 ක් පමණ වන බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_