×

අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ආගන්තුක ග්‍රහලෝකයක් සොයා ගනී

මෙම Forbidden Planet පිහිටා ඇත්තේ අපගේ පෘථවියට ආලෝක වර්ෂ 920ක් ඈතිනි


අප සිටින සෞරග්‍රහමණ්ඩලයට අයත් නොවන ආගන්තුක ග්‍රහලෝකයක් සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. ඉතා කලා තුරකින් මෙවැනි ග්‍රහලෝක පිළිබදව අසන්නට ලැබෙන අතර මෙම නව ග්‍රහලෝකය Forbidden Planet නැත්නම් තහනම් කරන ලද ග්‍රහලෝක ලෙස හදුන්වනු ලබයි.

මෙම ග්‍රහලෝකයේ තාක්ෂණික නාමය NGTS-4b ලෙස නම් කර ඇති අතර එය පෘථිවිය මෙන් තුන් ගුණයක් විශාල වේ. එමෙන්ම එය නෙප්චූන් ග්‍රහයාට වඩා 20% ගුණයක් කුඩා වේ. එහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1832ක් වන අතර එය බුධ ග්‍රහයාට වාඩා උෂ්ණත්වයෙන් වැඩිය. මෙම ග්‍රහලේකය සතුව එයටම අයත් අන්තරීක්ෂයක් ඇති බවද මේ පිළිබදව සිදු කළ අධ්‍යයන වාර්ථාව වන Royal Astronomical Survey මගින් පෙන්වා දෙයි.
සාමාන්‍යායන් මෙතරම් අධික උෂ්ණත්වයක් ඇති ග්‍රහලෝකයක් තුළ කිසිසේත් වායු ගෝලයක් පැවතීමට ඉඩක් නැතත් NGTS-4b තවමත් වායුගෝලයකින් සමන්විත වීම නිසා එය Forbidden Planet යන අන්වර්ථ නාමය භාවිත කර ඇත.
මෙම Forbidden Planet පිහිටා ඇත්තේ අපගේ පෘථවියට ආලෝක වර්ෂ 920ක් ඈතිනි

මෙම අධ්‍යයනය සදහා සහභාගී වූ තාරකා විද්‍යාඥ ඩැනියෙල් බේලිස් පවසන්නේ  මෙම ග්‍රහ ලෝකය ඊට අදාළ කක්ෂය වටා භ්‍රමණය වීම දින 1.3කට වරක් සිදු කරන අතර එබැවින් එහි වර්ෂයක් පෘතවි දින 1.3ක් වේ. තමන් අයත් තාරකාවට එතරම් ආසන්නව ඇති ග්‍රහලෝකයක විකිරණශීලී තාවය ඉතා අධික විය හැකි බවද ඔහු පෙන්වා දෙයි. තාරකා විද්‍යාඥයින් පවසන පරිදි මෙම ග්‍රහලෝකය පිහිටා ඇති කලාපය මීට පෙර කිසිදු ග්‍රහලෝකයක් නොමැති කලාපයක් ලෙස නම් කර තිබූ එකකි. එම නිසාම එය ‘Neptune Desert’ හෝ the ‘Forbidden Zone ලෙස නම් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ එම කලාපයේ නව ග්‍රහලෝකයක් සොයා ගැනීම පුදුමයක් බව ඔවුන්ගේ මතයයි. ඩැනියෙල් බේලිස් පවසන්නේ එම කලාපයේ පවතින්නටනම් මෙම නව ග්‍රහලෝකය සතුව යම් සුවිශේෂී ගුණාංගයක් තිබිය යුතු බවයි. 12 20-centimetre දූරේක්ෂයක් මෙම අධ්‍යයනය සදහා යොදා ගෙන ඇති අතර චිලීහී ඇටකාමා කාන්තාරයේ පිහිටි යුරෝපා දකුණු නිරීක්ෂණාගාරයේදී මෙම නිරීක්ෂණය සිදු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි