×

දින 30ක සටන් විරාමයකට සැරසෙන යුක්රේනය!

යුක්රේනය, රුසියාව සමග දින 30ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


රෂිකා හෙන්නායක මාර්තු 12 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනය, රුසියාව සමග දින 30ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබියේ පැවති ඇමෙරිකා-යුක්රේන සාකච්ඡාවලින් පසුව, ඇමරිකාව යෝජනා කරන ලද රුසියාව සමඟ දින 30 ක වහාම සටන් විරාමය පිළිගැනීමට තමන් සූදානම් බව යුක්රේනය පවසා තිබෙන බව සඳහන් වේ.

තමන් රුසියාවටත් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසූ අතර, එය ක්‍රියාත්මක කිරීමේ තීරණය ඔවුන් සතු බවත් රූබියෝ කියා සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

යෝජනාවට එකඟ වන ලෙස රුසියාවට බල කිරීමේ වගකීම ඇමරිකාවට පැවරී ඇති බව, යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පැවසුවේය . සෙලෙන්ස්කි සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රරම්ප් අතර ඕවල් කාර්යාලයේ ඇති වූ ගැටුමෙන් පසු ඊයේ (11) ජෙඩා හි පැවති සාකච්ඡා දෙරට අතර පළමු නිල හමුව බවටද පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි