×

කිසිදු විදේශ මැදිහත්වීමක් නොයිවසන බව කැනඩා විදේශ අමාත්‍යවරයා පවසයි

මානව හිමිකම් හා වෙළඳාම සම්බන්ධ කටයුතු පිළිබඳව දෙරටේ පවතින්නේ හොඳ හිත පලුදු වීමකි.


කැනඩාවේ විදේශ අමාත්‍ය මෙලනි ජොලි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ කැනඩාව කිසිදු ආකාරයක විදේශ මැදිහත්වීමක් නොයිවසන බවයි.

විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ චීනය විසින් විපක්ෂ කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයෙකු වන මයිකල් චොං හා ඔහුගේ පවුලේ අයට තර්ජනය කළ බවට චෝදනා බදිරිපත්වීමත් සමඟය. මෙලෙස චෝදනා ඉදිරිපත්වීමත් සමඟ චීන තානාපති කොංග් පෙයිවු කැඳවන ලද අතර මෙම හැසිරීමේ ප්‍රතිවිපාක සලකා බලන විට රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම ඇතුළු සියලු විකල්ප මේසය මත පවතින බව ප්‍රකාශ කරමින් ප්‍රකාශ කර තිබුණේ කැනඩාව කිසිදු විදේශ මැදිහත්වීමත් නොයිවනස බවයි.

මෙම චෝදනාවන් ප්‍රතික්ෂප කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් ද ඊයේ(04)දිනයේදී ප්‍රකාශ කර තිබුණේ කටකතා පතුරුවා හැරීම සහ මඩ ගැසීම නවත්වන ලෙස ලෙසත් කානඩාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට චීනයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

2018 වසරේදී එක්සත් ජනපදය විසින් ඔත්තු බැලීමේ චෝදනා මත Huawei Technologies විධායක Meng Wanzhou අත්අඩංගුවට ගෙන වරෙන්තුවක් මත රඳවා තබා ගැනීමත් සමඟ චීනය හා කැනඩාව අතර සබඳතාවයන් පලුදු විය. ඉන් අනතුරුව චීනය විසින් ඔත්තු බැලීමේ චෝදනා මත කැනේඩියානුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබීය. 2021 වසරේදී ඔවුන් නිදහස් කරනු ලද මුත් මානව හිමිකම් හා වෙළඳාම සම්බන්ධ කටයුතු පිළිබඳව දෙරටේ පවතින්නේ හොඳ හිත පලුදු වීමකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි