×

චීනය, රුසියාව හා අරාබි රටවල් සමඟ එක්ව නව ආර්ථික මාවතක

රුසියාව සමඟ ගොඩ නගන ආර්ථික සබඳතා මඟින් ඩොලර් බිලියන 200ක ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරයි.


බීජිංහි පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඊයේ(25) දීනයේ දී චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර තිබුණේ ලබන වසර වන විට චීනය හා රුසියාව අතර උපාය මාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව හරහා දෙරට අතර ද්වී පාර්ශවීය සබඳතා වර්ධනය වනු ඇති බවයි. මෙමඟින් ඩොලර් බිලියන 200ක ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


මෙහිදී වැඩිදුරටත් චීන විදේශ අමාත්‍යවරයා විසින් ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් දෙක වන චීනයේ හා රුසියාවේ ආර්ථික බිඳ වැටීම් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට දෝශාරෝපණය කරනු ලැබීය. එහි ක්‍රියාකලාපය විස්තර කරමින් යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට සම්බාධක පැනවීමත්, අනෙකුත් රටවලට රුසියාව සමඟ සබඳතා පැනවීම තහනම් කිරීම්ත් හේතුවෙන් නව භේදයක් මතු කරන බව ඔහු පැවසීය. චීන හා රුසියානු යුධ නෞකා පසුගිය සතියේ නැගෙනහිර චීන මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්වූ බව ප්‍රකාශ කළ චීන විදේශ අමාත්‍යවරයා ඉදිරියේදී චීන රුසියා සබඳතා ඉතිහාසගත පියවරක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බව මෙහිදී සඳහන් කර තිබිණ.


එමෙන්ම මෙම සම්මන්ත්‍රණයේදී ෂී ජින්පින්ගේ සෞදි අරාබියානු සංචාරය පිළිබඳ කරුණු සාකච්ඡා වූ අතර සංචාරය අතරතුර චීන ජනාධිපතිවරයා උපායමාර්ගික සහ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එමඟින් ඉදිරියේදී චීනය ගල්ෆ් රටවලින් තෙල් හා ගෑස් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට අපේක්ෂිත බවත් එමඟින් චීනයේ කර්මාන්ත වඩාත් ස්වයංපෝෂිත වනු ඇති බවද පැවසීය.


එක්සත් ජනපදයේ ප්‍රධාන තරඟකරුවා චීනය වන හෙයින්, චීනයට එරෙහිව නිර්දය අවහිර කිරීම්, මර්දනය සහ ප්‍රකෝප කිරීම් වල දිගින් දිගටම නිරත වුවද, ඉදිරියේදී එක්සත් ජනපදය සමඟ නැවත සබඳතා අරඹමින් නව ගමනක් යාමට අපේක්ෂා කරන බවද වැන්ග් යී මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කරනු ලැබීය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි