×

‘‘මම ජනතාවට ද්‍රෝහි වුණේ නෑ. මම සල්ලි අරන් ගියෙ නෑ. මම ආවෙ සෙරෙප්පු දෙක පිටින්‘‘ – රටෙන් පළා ගිය ඇෆ්ගන් ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මතු වෙයි

ඔහු කොහේ සිටින්නේදැයි ඒ දක්වා කිසිවෙකු දැන සිටියේ නැත. එහිදී ඝානි පැවසුවේ තමන් ට මානුෂීය පදනම් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල් වීමට අවස්ථාව ලැබුණු බවයි. එය ඇෆ්ගන් ජනතාවට ද්‍රෝහි වීමක් නොවන බව ද ඔහු පැවසුවේය. ෆේස්බුක් වීඩියෝවක් හරහා ඝානි විසින් සිදුකළ මෙම ඇමතීමේදී, තලෙයිබාන් සංවිධානය සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවලට තමන් සහයෝගය ලබාදුන් බව ද පැවසුවේය. තමන් […]


ඔහු කොහේ සිටින්නේදැයි ඒ දක්වා කිසිවෙකු දැන සිටියේ නැත.

එහිදී ඝානි පැවසුවේ තමන් ට මානුෂීය පදනම් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල් වීමට අවස්ථාව ලැබුණු බවයි.

එය ඇෆ්ගන් ජනතාවට ද්‍රෝහි වීමක් නොවන බව ද ඔහු පැවසුවේය.

ෆේස්බුක් වීඩියෝවක් හරහා ඝානි විසින් සිදුකළ මෙම ඇමතීමේදී, තලෙයිබාන් සංවිධානය සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවලට තමන් සහයෝගය ලබාදුන් බව ද පැවසුවේය.

තමන් නැවත ඇෆ්ගනිස්ථානය බලා ඒමට අදහස් කරන බව පැවසූ නමුත්, ඇෆ්ගන් ජනතාවට ද්‍රෝහි වීම ගැන කතා කරන විට ගාඩියන් වාර්තාවට අනුව ඝානි කෙරෙන් දිස්වූයේ සුදුමැලි සහ කෝපයට පත් වූ ස්වභාවයකි.

තමන්ට එසේ කිරීමට සිදුවූයේ තලෙයිබාන් සටන්කරුවන් කාබුල් නුවරට ඇතුල් වීම නිසා බවත්, එවැන්නක් ආණ්ඩුව හා තලෙයිබාන් සංවිධානය අතර වූ එකඟතාවයේ නොතිබූ බවත් මෙහිදී ඔහු හෙළි කළේය.

රටෙන් පළා යාමේදී මුදල් සම්භාරයක් රැගෙන ගිය බවට නැගෙන චෝදනා අසත්‍ය බව පැවසූ ඝානි, මෙසේ ද කීවේය.

‘‘මම ඇෆ්ගනිස්ථානයෙන් ආවෙ මට සෙරෙප්පු දෙක ගළවලා සපත්තු දෙක දාගන්නවත් වෙලාවක් නැති තරම් කඩිනමින්..‘‘

මේ අතර, තලෙයිබාන් සංවිධානය හිටපු ජනපති හමීඩ් කර්සායි සමග ඇෆ්ගනිස්ථානයේ අනාගතය ගැන සාකච්ඡා ආරම්භ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි