BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට වසර තුනක සිර දඬුවමක් – වසරක් නිවාස අඩස්සියේ

දූෂණ අක්‍රමිකතා චෝදනා මත හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට ප්‍රංශ අධිකරණයකි විසින් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

දූෂණ අක්‍රමිකතා චෝදනා මත හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට ප්‍රංශ අධිකරණයක් විසින් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

2014 වර්ෂයේදී මැතිවරණ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයක දී අදාළ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරු ගෙන් ඊට අදාළ තොරතුරු නීතිවිරෝධී මාර්ගයෙන් ලබා ගැනීමට තැත්කිරීම අධිකරණය හමුවේ තහවුරු වූ නිසාවෙනි ඉහත තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව තුළ ලබා දුන් සිර දඬුවම් කාලසීමාව වසර 1 කට සීමා කර ඇති අතර, එම කාලය තුළ නිවාස අඩස්සියේ (House Arrest) තැබීමට ද අධිකරණය පසුව තීන්දු කර තිබේ.

ඒ අනුව ඔහු බන්ධනාගාර ගත නොවන අතර, සිය නිවස තුළ නිලධාරීන්ගේ අධීක්ෂණය මධ්‍යයේ ඉලෙක්ට්‍රොනික පළඳනාවක් සහිතව සිටීමට සාර්කොසි ට සිදුවනු ඇත.

සාර්කොසි මහතා 2007 – 2012 කාලය තුළ ප්‍රංශයේ ජනාධිපතිධුරය හෙබවීය.

නූතන ප්‍රංශ ඉතිහාසයේ පළමු වරට චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වූ ජනාධිපතිවරයා සාර්කොසි මහතා ය.

සාර්කොසි සමඟ ඔහුගේ සමවිත්තිකරුවන් හා නීතීඥයින් වන තියරි හර්සොග් සහ හිටපු මහේස්ත්‍රාත් ගිල්බර්ට් අසිබර්ට් යන අයට වසර දෙකක සිරදඬුවමක් සහ වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් පැනවීමට ඉහත අධිකරණය කටයුතු කර තිබේ.

මෙම අක්‍රමිකතා චෝදනා වලට හර්සොග් සහ අසිබර්ට් වරදකරුවන් වූ අතර අදාළ සිරදඬුවම ඔවුනට හිමිවනු ඇති.


බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ඉන්දියාව කොරෝනා සමඟ යුද්ධයක – තවදුරටත් දෛනිකව ලක්ෂ ගණනින් ආසාදිතයින් වර්තා වෙයි

පණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම වහාම අත්හිටුවන්න! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි ඉල්ලීමක්

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සැකකාර පොලිස් නිලධාරියාගේ ක්‍රියාව අධිකරණය ඉදිරියේ ‘සාධාරණීකරණය’ කෙරේ

ලොව දිනකට වර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන් – පාලනයකින් තොරව අවදානම ඉහළට

ජෝර්ජ් ෆ්ලොයිඩ් දෙවන ජවනිකාව – මිනසෝටා හිදී පොලීසිය කළු ජාතික ඩොන්ටේ රයිට් වෙඩි තබා ඝාතනය කරයි!

2021 Grand National තරඟාවලියේ රේචල් බ්ලැක්මෝර් හොඳම අසරුවා බවට පත්වෙයි

error: Content is protected !!
error: Content is protected !!