×

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව හමුදා රෝහලක ප්‍රතිකාර ලැබූ ඉන්දීය හිටපු ජනාධිපතිවරයා පසුගියදා මොලයේ සැත්කමකටද ලක් කෙරිණි.


ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි ඊයේ දි​න අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහුගේ වයස 84කි.

කොරෝනා ආසාදිතව හමුදා රෝහලක ප්‍රතිකාර ලැබූ ඉන්දීය හිටපු ජනාධිපතිවරයා පසුගියදා මොලයේ සැත්කමකටද ලක් කෙරිණි.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම ප්‍රවීණ දේශපාලඥයෙකු වූ ප්‍රනාබ් මුඛර්ජිගේ දේශපාලන ගමන දශක 5 කට අධිකය.

2012 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දීය ජනාධිපතිධූරය දැරූ ප්‍රනාබ් මුඛර්ජි ඉන්දීය කොංග්‍රස් ආණ්ඩුවල ප්‍රභල කැබිනට් අමාත්‍ය ධූර දරනු ලැබිණි.

ඔහු ඉන්දියාවේ විශිෂ්ටතම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ භාරත් රත්න යන සම්මානවලින් පිදුම් ලැබූ අයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි