හිටපු ජපාන අගමැතිට වෙඩි ප්‍රහාරයක්?
සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
ජපානයේ නරා නගරයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුරදී හදිසියේ ඇද වැටීමෙන් එරට හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මෙසේ ඇද වැටී ඇත්තේ ඔහුට වෙඩි වැදීම හේතුවෙන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
2020 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ෂින්සෝ අබේ ජපාන ඉතිහාසයේ වැඩිම කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙස සැලකේ.