×

Rodrigo Duterte අත්අඩංගුවට!

පිලිපීන හිටපු ජනාධිපති  Rodrigo Duterte අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඔහුට වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුවයි.


රෂිකා හෙන්නායක මාර්තු 11 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පිලිපීන හිටපු ජනාධිපති  Rodrigo Duterte අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඔහුට වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුවයි.

ඔහු විසින් පිලිපීනයේ සිදුකල මත්ද්‍රව්‍යවලට එරෙහි දැවැන්ත මෙහෙයුම තුළින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකල බවට චෝදනා එල්ල වී ඇත.

79 හැවිරිදි පිලිපීන හිටපු ජනාධිපති  Rodrigo Duterte හොංකොං සිට මැනිලා ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු ඔහු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 සිට 2022 දක්වා පිලිපීනයේ ජනාධිපති ධූරය හෙඹ වූ  Rodrigo Duterte දහස් ගණනක් මිනිසුන් මරාදමා ඔහු විසින් කුරිරු ලෙස මත්ද්‍රව්‍ය මර්දනය කළ බවට චෝදනා එල්ල වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි