×

මොළයේ රුධිර වහනයක් හේතුවෙන් ජිමී කාටර් රෝහල් ගත කෙරේ!

ඇමරිකා එක්සත් ජනපදයේ 39 වන ජනාධිපති වූ ඔහු ජිමී කාටර් ය.


ඇමරිකාවේ හිටපු ජනපති ජිමී කාටර් ඊයේ (11) දින හදිසියේ රෝහල් ගත කර තිබේ. ඒ මොළයේ ඇතිවූ රුධිර වහනයක් සම්බන්ධයෙන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කාටර් සෙන්ටර් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෑත දිනකදී සිදුවූ ඇද වැටීමකින් සිදුවූ රුධිර වහනයක් නිසා ජිමී කාටර් මහතා ගේ මොළයේ පීඩනය ඉහළ යාමක් සිදුව ඇති අතර, දැනට ඒ මහතා ඇට්ලානා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

95 වෙනි වියේ පසුවන ජිමී කාටර් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ 39 වන ජනාධිපති වන අතර, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් 1977 වර්ෂයේ සිට 1981 වර්ෂය දක්වා ධූරයේ හෙබවීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි