×

කුවේටයේ නේවාසිකාගාරයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය ඉන්දියානුවන් සංඛ්‍යාව 40 ඉක්මවයි

කුවේට්හි ජනගහනයෙන් තුනෙන් දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගෙන් සමන්විත වේ.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 13,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 48 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් ඉන් 40 දෙනෙකු පමණ ඉන්දියානුවන් වන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය වාර්තා කරන්නේ,

මෙම නේවාසික ගොඩනැගිල්ලේ කම්කරුවන් 196 දෙනෙකු රැඳී සිට ඇති අතර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, මියගිය අයගෙන් බොහෝ දෙනෙක් දකුණු ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් පැමිණි අය වන බවයි. එමෙන්ම තවත් ඉන්දීය ජාතිකයන් 50 දෙනෙකු ඇතුළුව පිලිපීන සහ නේපාල කම්කරුවන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

බොහෝ දෙනෙකු මිය යාමට හේතුව ගොඩනැගිලි ප්‍රමිතීන් උල්ලංඝනය කර ඒවා නිර්මාණය කර තිබීම බවයි කුවේට් නියෝජ්‍ය අගමැති ෂෙයික් ෆහාඩ් යූසුෆ් අල්-සබා සඳහන් කර තිබුණේ, කුවේට්හි ජනගහනයෙන් තුනෙන් දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගෙන් සමන්විත වන අතර රට විශේෂයෙන්ම ඉදිකිරීම් සහ ගෘහාශ්‍රිත ක්ෂේත්‍රවල සංක්‍රමණික ශ්‍රමිකයන් මත රඳා පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි