×

ඇස්ටරොයිඩ පොළවට පතිත වීම නිසා වසර මිලියන 66 කට පෙර වඳවී ගිය ඩයිනෝසරයන්ගේ කතාන්දරයේ නවතම සුලමුල හෙළි වේ.

ඇස්ටරොයිඩ පොළවට පතිත වීම නිසා ප්‍රාථමික නිශ්පාදනය අඩපණ වී ආහාර දාම අකර්‍මන්‍ය වී දැනට වසර මිලියන 66 කට පෙර පෘථිවියෙන් වඳවී ගිය ආදී ජීවින්ගේ ෆොසිල සමුදායක් නෝර්ත් ඩකෝටා වෙතින් හමුවී තිබේ.


මෙම ෆොසිල ආදී මත්ස්‍යයින් හා ශාක වලට අයත් වන අතර වීදුරුමය ස්වභාවයක් ගන්නා ඝන ස්ඵටිකමය ද්‍රව්‍යයන් ඒ තුළ තැන්පත් වී තිබේ. මෙම ඝන ස්ඵටික අභ්‍යවකාශයෙන් පතිත වූ ඇස්ටරොයිඩ කොටස් බවට විශ්වාස කෙරෙන අතර, ඇස්ටරොයිඩ පෘථිවි පෘශ්ඨයේ පතිත වීමත් සමඟ ඇතිවන දැඩි කම්පනයෙන් මුහුදු ජලය ගොඩ ගැලූ බවට හා එමඟින් මෙම ශාක ජලයෙන් යටවූ බවට දැක්වෙන සාක්ෂි ද හමුවී ඇත.

Robert DePalma
Robert DePalma is a University of Kansas doctoral student in geology | ROBERT DEPALMA

මෙමඟින් දිග හැරෙන්නේ වසර මිලියන ගණනකට පෙර සිදුවූ මෙම මහා විනාශයේ මින්පෙර නොදුටු පැතිකඩකි. ටැනිස් නම් ප්‍රදේශයේ පවතින කැනීම් කලාපයක් තුළ වසර මිලියන ගණනකට පෙර යෝධ ඇස්ටරොයිඩය පොළවට පතිත වී මිනිත්තු කිහිපයක සිට පැය කිහිපයක් ඇතුලත සිදුවූ සිදුවීම් සමුදාය කෙබඳුදැයි කැන්සාස් විශ්ව විද්‍යාලයේ රොබර්ට් ඩිපාල්මා පෙන්වා දීමට සමත් වී තිබේ.

කිලෝමීටර් 12ක පමණ පරාසයකින් යුතු යෝධ ඇස්ටරොයිඩය පොළවට පතිත වී තිබෙන්නේ වර්තමානයේ මෙක්සිකෝවේ ගල්ෆ් ප්‍රදේශයට වන අතර, එමඟින් සුනුවිසුණු වූ ඇස්ටරොයිඩ කැබලි බිලියන සිය ගණනින් අහස පුරා කිලෝමීටර දහස් ගණන් දුරට විසිවී තිබේ.

ටැනිස් ප්‍රදේශයේ හමුවූ ෆොසිල වාර්තා වලට අනුව, මෙම ඇස්ටරොයිඩ කැබලි නැවත පෘථිවියට පතිත වීම සමඟ ඒවා ගැටෙන සියල්ල සමඟ පෘථිවියේ පතුලට කිඳා බැස ඇත.

මේ අයුරින් ඇස්ටරොයිඩ වර්ෂාවකට නිරාවරණය වූ ආදි මතස්‍ය සම්පත අද වන විට ෆොසිල තුළ පමණක් ඉතිරිව පවතින අතර, ඒවා අධ්‍යයනයේ දී පෙනී ගිය කරුණක් වූයේ ඇතිවූ භූ කම්පනය හමුවේ ඔවුන්ගේ කරමල් තුළ මෙම ඇස්ටරොයිඩ ස්ඵටික සිරවී ඇතිවූ ශ්වසන අපහසුතාවයෙන් මිය ගොස් ඇති බවයි.

Fossil fish
ශාක රෙසින් ද්‍රව්‍ය වලින් හට ගන්නා ඇම්බර් තුළද මෙම වීදුරුමය ස්ඵටික හමුවී තිබේ. | ROBERT DEPALMA

භූරසායන විද්‍යාඥයින් මෙම ඇස්ටරොයිඩ ස්ඵටික වර්ෂාව ගල්ෆ් ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්කළ චික්සියුලබ් සිදුවීමට සෘජුවම සම්බන්ධ කිරීමට සමත් වී තිබේ. ඔවුන්ගේ ඇස්තමේන්තුවට අනුව මෙම ඇස්ටරොයිඩ ස්ඵටික වසර මිලියන 65.76ක් පැරණි අතර, එය වසර මිලියන 66කට පෙර ලොව අනෙකුත් ප්‍රදේශ වල සිදුවූ මහා විනාශයේ කාල නීර්ණයට මැනවින් ගැළපෙන බව පෙන්වා දෙයි.

ටැනිස් ප්‍රදේශයේ හමුවූ ෆොසිල වාර්තා අධ්‍යයනය කිරීමේදී පෙනී ගිය වැදගත්ම කරුණ වන්නේ ඇස්ටරොයිඩය පෘථිවි පෘශ්ඨයේ ගැටීම නිසා ඇතිවූ භූ කම්පනය සමඟ අධික ජල ධාරාවකින් සියළු ජීවය වසා ගත් බවයි.

ඇමරිකානු භූවිෂමතාව අනුව එය සෘජුවම මුහුදු ජලයෙන් යටවීමට පවතින සම්භාවිතාව අවම වූවද, මෙම භූ කම්පනය සමඟ සුනාමි තත්ත්වයක් හට ගෙන ගල්ෆ් කලාපයේ සිට නොර්ත් ඩකෝටා දක්වා කිලෝමීටර 3000 ක පමණ භූමි ප්‍රමාණයක් පැය ගණනාවක් පුරාවට ජලයෙන් යට වන්නට ඇති බව විද්‍යාඥයින් ගේ මතයයි. ඇස්ටරොයිඩය පෘථිවි පෘශ්ඨයේ ගැටීමත් සමඟ ඇතිවූ භූකම්පන විශාලනය 10 – 11 අතර පමණ වන්නට ඇති බවත්, එමඟින් මුළු පෘථිවි පෘශ්ඨයම දෙදරා යන්නට ඇති බවත් ඔවුහු පවසති. කැනීම් කලාපය තුළ හමුවූ ෆොසිල සාම්පල වලින් පෙන්නුම් කරන්නේ ඒ අයුරින් ඇතිවූ මහා භූ කම්පනය හා ඇස්ටරොයිඩ ස්ඵටික වලට තෙරපී පොළවට කිඳා බැසූ ජීවයයි!

Tektites
Dating the tektites gives an age for the impact – 65.76 million years ago | ROBERT DEPALMA

“ඇතිවූ දැඩි කම්පනයෙන් එක ගොන්නට සියළු ජීවය පොළවට කිඳා බැස තිබෙනවා, මේ අතර මිරිදිය මත්‍ස්‍යයින්, කලාපයේ ජීවත් වූ කශේරුක මත්‍ස්‍යයින්, ශාක, අතු, කඳන්, කරදිය ඇමොනයිටාවන් හා අනෙකුත් සාගර ජීවීන් ඇතුලත් වෙනවා,” කැන්සාස් විශ්ව විද්‍යාලයේ රොබර්ට් ඩිපාල්මා පැවසුවේය.

“සුනාමි තත්ත්වයක් හට ගෙන ප්‍රදේශය පුරා පැතිර යාමට අවම වශයෙන් පැය 17ක් වත් ගත වෙනවා. නමුත් භූ කම්පන තරංගත් සමඟම ඇතිවන ක්ෂණික කම්පනය භූමිය පුරා පැතිර යන්න ගතවන්නේ මිනිත්තු ගණනක කාලයක් පමණයි.”

එළඹෙන සඳුදා (1) දින අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිත කැලිෆෝරිනියානු භූවිද්‍යා පර්යේෂක වෝල්ටර් ඇල්වරෙස් හා ඔහුගේ පියා වන ලුයිස් ඇල්වරෙස් විසින් රචිත PNAS අධ්‍යයනයේ ඩයිනෝසරයන් ගේ වඳවී යාමට මෙම භූ කම්පන බලපෑ අයුරු සඳහන් වේ.

Walter Alvarez
Walter Alvarez pioneered the idea of an end-Cretaceous impact | ROBERT DEPALMA

ඇල්වරෙස් පිය-පුතු යුගලය ක්‍රටේශස් හා පැලෛජීන් භූ විද්‍යා කාලවකවානු වලට අයත් සාම්පල අධ්‍යයනය කොට ඒ තුළ ඉරිඩියම් නම් මූලද්‍රව්‍යය අන්තර්ගත වන බවට සොයා ගන්නා ලදී. ඉරිඩියම් යනු බොහෝවිට ඇස්ටරොයිඩ හා ග්‍රහ කැබලි තුළ හමුවන මූලද්‍රව්‍යයකි.

ඉරිඩියම් මූලද්‍රව්‍යය ටැනිස් ප්‍රදේශයේ කළ කැනීම් තුළදී ද හමුවී ඇත.

“අප කම්පන මත ජීවය වඳවීමට බලපෑ කල්පිතය ඉදිරිපත් කරන විට, එයට පාදක වූයේ ඇස්ටරොයිඩ හෝ ධූමකේතු වලින් පෘථිවියට පැමිණි අවිධිමත් ඉරිඩියම් සංචිත පමණයි. එදා පටන් හමුවූ සාක්ෂි මත අපගේ කල්පිතය ගොඩ නැඟුවා. එහෙත්, මෙවන් මරණ මංචකයක් එකවර හමුවනු ඇතැයි කිසිවිටක මා සිතුවේ නැහැ,” මහාචාර්ය ඇල්වරෙස් පැවසුවේය.


මිහිමත ජීවය වෙනස් කළ චික්සුලුබ් ආවාටය

Drill site
Image captionThe outer rim (white arc) of the crater lies partly under Mexico’s Yucatan Peninsula | NASA
  • පෘථිවි කබොල මත කි.මී. 100 ක් පුරා පැතිර ගිය, කි.මී. 30 ක් ගැඹුරු, සැතපුම් 12 ක් පළල සිදුරක් මේ නිසා ඇති විය.
  • එයින් අවසානයේ ඇති වූ ආවාටය කිලෝමීටර ගණනාවක් ගැඹුරු, කිලෝමීටර 200 ක් පුරා විහිදුණු එකකි.
  • අද වන විට මෙම ආවාටයෙන් වැඩි කොටස මීටර 600 ක් ගැඹුරු පොළොව තුළ වැළලී තිබේ. එයින් වැඩිහරිය මුහුදු ජලයට යටවී ඇත.
  • ගොඩබිම මත වූ එම ආවාටය බෙහෝ දුරට හුණුගල්වලින් වැසී පවතියි.
  • විද්‍යාඥයන් මේ තතු සොයාගත්තේ එම ආවාටය පොළෝ ගර්භය තුළට විදීම මගිනි.
Cenote
‘සිනෝට‘ ලෙස හඳුන්වන මෙක්සිකෝවේ ප්‍රකට ‘සින්ක් හෝල්‘ පද්ධතිය සකස් වී තිබෙන්නේ මෙම ආවාටය වසා ගත් දුර්වල හුණුගල් තට්ටුවක් මගිනි.
MAX ALEXANDER/B612/ASTEROID DAY

පර්යේෂණ වාර්තාවේ කතෘ මණ්ඩලයේ සිටින එකම බ්‍රිතාන්‍ය ජාතික කතෘ වන මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ෆිල් මැනිංග් පවසා සිටියේ, ටැනිස් ප්‍රදේශයෙන් හමුවූ මෙම කැණීම් කළ ප්‍රදේශය ඩයිනෝසරයන්ට සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න මැනවින් පහදා දෙන මෙලොව පවතින හොඳම සාක්ෂිය බවයි.

Source: BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි