එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ්ස් හි සෝලිහුල් අසල වැවක, මිඳී තිබූ තුනී අයිස් කුට්ටියක් කඩා වැටීමෙන් වයස අවුරුදු අට, දහය සහ එකොළහ යන වයස්වල පිරිමි ළමුන් තිදෙනෙකු මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් ඉරුදින පස්වරුවේ සිඳු වූ මෙම සිදුවීමෙන් සිද්ධියට අදාළ සය හැවිරිදි සිව්වන පිරිමි ළමයාගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමේ පසුවන බව වාර්තා වේ.
Kingshurst හි ස්වභාවික රක්ෂිතයක් වන Babbs Mill Park හි පිහිටි වැවට ඔවුන් ඇද වැටී තිබූ අවස්තාවේ ළමුන් හතර දෙනාම හෘදයාබාධයකට ලක්ව සිටියහ.
අයිස් මත පුද්ගලයින් හය දෙනෙකු දැක ඇති බවට හදිසි කාර්ය මණ්ඩලයට තොරතුරු ලැබී තිබූ හෙයින් ඔවුන් දිගටම මෙහෙයුම්වල නිරත වී ඇති අතර ඔවුන් ගලවා ගැනීමට සාමාන්‍ය ජනතාව, පොලීසිය මෙන්ම ජල-ගලවා ගැනීමේ බටයන් පිරිසක් ද පැමිණ තිබූ බවට එරට මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
නිපුනි ලියනගේ