×

එළැඹුන සතියේ ලෝකය.

අලුත් සතියක් ආරම්භයේ ඉදිරි දින කිහිපය තුළ ලෝකයේ දස දෙසින් විවිධ පුවත් අසන්නට ලැබෙනු ඇත. මේ ඉදිරි සතියේ ලෝකයෙන් ඇසෙනු ඇතැයි කල් තියා කිව හැකි තොරතුරු.



2019 වසර සදහා පුලිට්සර් සම්මාන

අද ජනමාධ්‍ය, ප්‍රබන්ධ කථා, සංගීතය සදහා වන පුලිට්සර් සම්මානය ප්‍රධානය සදහා ජයග්‍රාහකයින්ගේ නම් ප්‍රකාශ කිරීමට නියමිතය.
මේ අතරේ පසුගිය කාලය තුළ ලෝකයේ අග්‍රගණ්‍යම මාධ්‍ය වාර්ථාකරණය සදහා වූ පුලිට්සර් සම්මානය ඉතා වැදගත් තැනක් ගනු ඇත.

දේශ ගුණික විපර්යාස ගැන ජාත්‍යන්තර වාර්ථා චිත්‍රපටයක්
“urgent” නමින් දේශගුණික වාර්ථා චිත්‍රපටයක් මහා බ්‍රිතාන්‍යයේදී පළමු වරට ප්‍රදර්ශනය කරනු ඇකත සර් ඩේවිඩ් ඇටෙන්බරෝ ගේ නිර්මාණයක් වන මෙම වාර්ථා දිත්‍රපටය පැයක කාලයක් පුරා දිග හැරේ. දේශ ගුණික විපර්යාසය වළකාලීම සදහා ලෝකයේ සියල්ලන්ට ඉදිරියේදී මෙන්ම අදද කළ හැකි යුතුකම සහ මෙතෙක් ලෝකය මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබදව මෙම වාර්ථා චිත්‍රපටය මගින් විස්තර කර ඇත.

ඉන්දුනීසියානු මැතිවරණය.

ඉන්දියානු මැතිවරණය මෙන්ම ඉන්දුනීසියානු මැතිවරණයද ලෝකයේම අවධානය යොමු වන මැතිවරණයකි. ඉන්දුනීසියාවේ ජනපතිවරණය, පාර්ලිමේන්තු සහ පළාත්බද මැතිවරණය යන ත්‍රිත්වයම එකම දවසේ එනම් හෙට දිනයේ පැවැත්වීමට නියමිතය. ලොව විශාලතම ඉස්ලාමී්‍ය රාජ්‍ය වන්නේ ඉන්දුනීසියාවයි. ඒ අනුව 20124 දක්වා, පත්වන නායකයින් ලොව විශාලතම මුස්ලිම් රාජ්‍යයේ නායකයන් බවට පත්වනු ඇත.

මැතිවරණය පිළිබද මූලික තොරතුරු සමහරක්.

මෙවර මැතිවරණයේ අපේක්ෂකයින් සංඛ්‍යාව 245000 කි.
ඡන්ද මධ්‍යස්ථාන ගණන 800000කි.
ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 192කට ආසන්නය.
ඡන්දය භාවිතා කිරීම සදහා ලබා දෙන්නේ පැය 6ක කාලයක් පමණිත
ඡන්ද දායකයන් අතර සහශ්‍රක ඡන්ද දායකයන් එනම් 1981 සිට 1996 දක්වා කාලය තුළ උපන් ඡන්ද දායකයන් මිලියන 80කි. එය ජර්මනියේ සමස්ථ ජනගහණයට සමානය.

පාස්කු සති අන්තය
ලොකය පුරා වන බිලියන 2.2 ට වඩා කිතුණු භක්තිකයන් ඉදිරි සති අන්තයේදී පාස්තුව සමරණු ඇත. කිතුණු දින දර්ශනයේ ඉතා වැදගත් උත්සව සමාරම්භය මේ සමග සිදු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි