×

පච ලිව්වාට මිලියන 787 ගෙවා නරි පුවත් ගැලවේ!

නම්බුව ලෙෆ්ට් කරගත්ත කට්ටියක් ගැනයි අද මේ සටහන...


පැත්ත ගියත් ඇත්ත කියන ප්‍රවෘත්ති කියන ලෝකයේ පැත්ත ගියත් බොරුවට තැන දී ඇණ ගන්න කාණ්ඩයක් ද ඇත. ඔවුන් බලන්නේ ඇත්තෙන් බැරිනම් බොරුවෙන් හරි අනෙකාගේ පදේට නටන්නට ය. එසේ නටා නම්බුව ලෙෆ්ට් කරගත්ත කට්ටියක් ගැනයි අද මේ සටහන…

ෆොක්ස් නිවුස් දැන් උඩ බලාගෙන කෙල ගසාගෙන අවසන් ය. ඩොමීනියන් විසින් එල්ල කළ අපහාස නඩුව ඩොලර් මිලියන 787.5 කට සමථයකට පත් වී ඇතිබව වාර්තා වූවත් නැතිවුන නම්බුව, ජනතාවගේ විශ්වාසය ද ආයේ තිබුණ පරිදි සකසා ගන්නටනම් අමාරු වනවා නොඅනුමාන ය.

ෆොක්ස් නිවුස් ආයතනය ඉකුත් අඟහරුවාදා ඩොමීනියන් ඡන්ද පද්ධතිය සමඟ ඩොලර් මිලියන 787.5 ක අපහාස බේරුම්කරණයක් සිදු කර ඇති බව දැන්නන් දෙසින් වාර්තා වූවත් එය ඔවුන් බලාපොරොත්තු වූ ඩොලර් බිලියන 1.6 පමණක මුදලින් අඩක් පමණ කි. කමක් නෑ යාන්තමින් හරි ඇඟ බේරගත්තා නේ.. ඒත් එතනින් නැවතීමක් නැහැ.. මේවත් සමඟ එලියට එන අමුතු අමුතු රතු එළි වලට දැන් නරි නාටකය බය වී අවසන් ය. මේ අතර වෙනත් ඡන්ද තාක්‍ෂණසමාගමක් වන ස්මාර්ට්මැටික් යූඑස්ඒ ඩොලර් බිලියන 2.7 ක නඩුවකට ද මුහුණ දී සිටින බවට වාර්තා වේ.

2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයෙහි පැවති සමයෙහි ඩිමොක්‍රටික් ජෝ බයිඩන්ට විරුද්ධව සහ රිපබ්ලිකානුවෙකු වූ එවකට ජනාධිපති ඩොනල්ඩ්ට්‍රම්ප්ට පක්ෂව සිදු කලා යැයි කළ ප්‍රචාරණය විකාශනය කිරීමෙන් ෆොක්ස් සහ එහි මව් සමාගම වන ෆොක්ස් කෝප් මාධ්‍ය පැවැත්ම විනාශ කරන බවට ඩොමීනියන් විසින් චෝදනා එල්ල විය.

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ 2020 ජනාධිපතිවරණ ඡන්ද පතිඵලය පිළිබඳ අසත්‍ය ප්‍රචාර විකාශනය කිරීමෙන් ට්‍රම්ප්ගේ එවකට අභියෝගකරු ජෝ බයිඩන් තීරණාත්මක ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කළ බව නිවැරදිව ප්‍රකාශ නොකිරීමට මැතිවරණ රාත්‍රියේ ෆොක්ස් ගත් තීරණයෙන් නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීමට ව්‍යාජ ප්‍රකාශයන් ඉදිරිපත් කර ඇති බව නඩුවෙන් කියැවිණි.

මෙම සිදුවීම ඉතිහාසගත වන්නේ ඇමරිකානු මාධ්‍ය සමාගමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරමින් සිදු කළ විශාලතම අපහාස බේරුම්කරණය ලෙසයි.

දක්ෂිණාංශගතව සහ වාමාංශගතව පිල් බෙදෙමින් කරන මේ මාධ්‍ය අරගලය මඟින් අමෙරිකාවේ ඇතැම් මාධ්‍ය නාලිකා දක්ෂිණාංශික පිලට කඩේ යනවාවගේම තවත් සමහර මාධ්‍ය ආයතන වාමාශික අයවලුන්ට කඩේ යයි. ෆොක්ස් ට උනු ඇබැද්දියෙන් දැන් කට්ටියගේම කඩේ යෑමේ උණ සනීප වනවා ඇත.

ලෝකයේ වඩාත්ම බලගතු මාධ්‍ය ජාලයන්ගෙන් එකක් වන සහ බොහෝ ගතානුගතික විචාරකයින්ගේ නිවහනක් වන ෆොක්ස් දැන් කිරි කලයට ගොම බින්ඳුවක් එක් කරගෙන හමාරය. මාධ්‍ය නිදහස සහ මාධ්‍ය සදාචාරය යන පැතිකඩවල් සියල්ලටම සමානව සලකමින් බොරුවක් උනත් කීමේ දී තම පැවැත්මට මෙය කෙලෙස බලපෑමක් ඇති කරගනී ද යන්න සිතා බලා කටයුතු කිරීම මෙහි දී වැදගත් ය. කෙතරම් පාට පක්ෂ භේද ඔය ජනාධිපතිවරණයට ගිය ඔවුනොවුන් අතර පැවතියත් ඒ ඔක්කොම යාලුවෝ මල්ලි කියන දවස වැඩි ඈතක නොවෙනවා වෙන්නත් පුළුවන්! ඒ අතරට අතර මැඳි වූ නරි නාටකයට සුභ අනාගතයක්!

ඔක්කොම කරකවලා ට්‍රම්ප් ගේ මේ බල තණ්හාවට උඩගෙඩි දෙන අයත් ඉන්න ලෝකයක ඉස්සරහට තවත් රසවත් සිඳුවීම් බලාපොරොත්තු වන්න කියලා, මතු සම්බන්ධයි කියමු!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි