×

“පාන් නැත්තම් කේක් කාපල්ලා” කියූ ප්‍රංශ රාඡකීයන්ගේ මාළිගය

ප්‍රංශය නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ වඩාත්ම ආකර්ශණීය ස්ථානය ලූවර් කෞතුගාරය යි. දෙවැන්න Versailles මාළිගාවය.


1780 ප්‍රංශ සාගත කාලයේදී ප්‍රංශ ඡනතාව සිය බඩගින්නේ මියැදෙමින් සිටි දරුවන්ට පාන් ‍ලබාදෙන ලෙස තම මහරඡුගෙන් ඉල්ලා සිටි විට… ප්‍රංශ අග රාඡණිය මාරි ඇන්ටෝනිට් “පාන් නැත්නම් කේක් කාපල්ලා” යැයි කිවූ බව, ප්‍රංශ විප්ලවයේදී 15 වැනි ලුවී රඡුට සහ මාරි ඇන්ටනොයිට් බිසවට එරෙහි ඡනතා අධිකරණයෙදී ඡින් ඡැක් රූසෝ නැමති දාර්ශනිකයා පැවසීය.

රඡ බිසවගේ එකී ප්‍රකාශය එතෙක් පැවති ප්‍රංශ රාඡාණ්ඩු ප්‍රංශයෙන් සදහටම තුරන් කිරීමට සමත්විය. ප්‍රංශ ඡනතාව 1789 දී ප්‍රංශ රඡවරුන්ගේ මර්දනයේ සංකේතය වු බැස්ටීල් සිරගෙදරට පහරදී ප්‍රංශ රඡවරුන්ගේ මහා මාළිගය සේ සැලකෙන වර්සෙලීස් Versailles හිදී 15 වැනි ලුවී සහ ඔහුගේ බිරිඳ මාරි ඇන්ටොනොයිට් අත්අඩංගුවට ගත්තෝය.1792 දී ප්‍රංශ රාඡාණ්ඩු අහෝසි කළ එරට ඡනතාව ප්‍රංශ මහඡන සමූහාණ්ඩුව පිහිටුවීය. එය ලෝකයේ ප්‍රථම වරට රාඡාණ්ඩු අහෝසි කොට ඡනතාවගේ කැමැත්තෙන් පිහිටවූ පළමු සමූහාණ්ඩුව ද වේ. කාර්ල් මාක්ස් සිය කොමියුනිස්ට් දර්ශනයට අත්තිවාරමට ගත්තේ මේ ප්‍රංශ ඡනතාවගේ වීදි සටන්ය.

 


අවසාන ප්‍රංශ රාඡකීයන්ගේ මාලිගය Palace of Versailles
ප්‍රංශය නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ වඩාත්ම ආකර්ශණීය ස්ථානය ලූවර් කෞතුගාරය යි. දෙවැන්න Versailles මාළිගාවය. තෙවැන්න අයිෆල් කුළුනය. 2017 දී වර්සයිල්ස් මාළිගාවට නරඹන්නන් 7,700,000 පැමිණි බව wikipedia අපිට කියයි.

මාළිගාව, එහි ස්මාරක සහ ඓතිහාසික භූමිය දැන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. විශේෂයෙන් චාරිත්‍රානුකූල දර්පණ ශාලාව, ලුවී රාඡවංශය පරිහරණය කළ සවර්ණමය භාණ්ඩ එකතුව, රාජකීය ඔපෙරා රඟහල, වෙන වෙනම ගොඩනඟා ඇති රාජකීය මහල් නිවාස, මාලිගාව වටා ඇති මනරම්, උද්‍යානය මේවාට අයත් ය. මාරි ඇන්ටොනෙට් යනු අධික කාමභෝගී දිවියක් හා නාට්‍යමය ඡිවිතයක් ගත කල රැඡිනියකි. ඇය සිය මිතුරු මිතුරියන් සඳහා සාද පැවත්වීමට රහසිගත හමුවීම් සඳහා මාළිගාව තුළ දැවැන්ත හා මනරම් චිත්‍රමය ආගාර වෙන්කර ඇත. ඒවා නම්කර ඇත්තේ ග්‍රීක වීරයන්ගේ සහ දෙවිවරුන්ගේ නම්වලිනි. හ්රකියුලිස්, මාර්ස්, ඇපලෝ, ඩයනා, වැනි නම් වලිනි. 

ලුවී රඡුගේ සහ මාරි බිසවගේ රත්තරන් වලින් කැටයම් කළ නිදන ඇඳන් සහිත කාමර ද්විත්වය ඒ අතරින් සුවිශේෂීය. ප්‍රංශ විප්ලවයෙන් පසුව මාළිගාව එහි සියලු ගෘහ භාණ්ඩ ඉවත් කර ඇති නමුත් බොහෝ කොටස් ආපසු ලබා දී ඇති අතර මාළිගා කාමර බොහොමයක් ප්‍රතිසංස්කරණය කර ඇත.

(උපුටා ගැනීමකි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි