×

කොරෝනා උවදුරින් පසු පැරීසියේ මහා දේවස්ථානය යළි විවෘත කිරීමට සැරසෙයි

පැරීසියේ මහා දේවස්ථානය ඉකුත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීමට කටයුතු කර තිබිණි.


යුදෙව් ප්‍රජාවට සුවිශේෂී වන පැරීසියේ මහා දේවස්ථානය (Grand Synagogue of Paris) යළි විවෘත කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

පැරීසියේ මහා දේවස්ථානයේ බැතිමතුන් හාරදහසකට පමණ අසුන් ගත හැකි අතර, ඉකුත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීමට කටයුතු කර තිබිණි.

මේ වන විට රජයේ උපදෙස් පරිදි, එම දේවස්ථානය පවිත්‍ර කිරීමේ කටයුතු වලට යොමුකර ඇති අතර, යළි ආගමික වතාවත් සිදුකිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එළඹෙන සඳු දින දේවමෙහෙයන් යළි පැවැත්වෙනු ඇති බව පැරීසියේ මහා දේවස්ථානයේ ප්‍රධාන යුදෙව් පියතුමන් මෝශ් සබාග් ප්‍රකාශ කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි